(අජන්ත කුමාර අගලකඩ)
නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හෙට (12) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිත බැවින් එම ධූරය පුරප්පාඩු වේ.
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර එවීමෙන් පසුව හෙතෙම නව අගවිනිසුරුවරයා ලෙස අනිද්දා (13) දිනයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) රැස්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය ද ඉකුත් දා අවසන් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද අලුතින් සාමාජිකයින් මේ වනවිට පත් කර ඇත.
COMMENTS
ගෞරවනීය අගවිනිසුරු නලීන් පෙරේරා උතුමාණෙනි, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ව්‍යවස්ථාදායකය.,විධායකය ඇල්මැරී ක්‍රියාත්මක වුවත් ,අධිකරණය එසේ නොවී ශක්තිමත්ව ගෞරවනීයව කරගෙනයාමට හැකිවෙවායි.... මගේ පැතුමයි... නිදුක්වෙවා! නිරෝගිමත් වේවා!!
පන්දම් හාල්පාරුවෙක් නැතුව නියම සුදුස්සා වන ඔබ තුමා මේ තනතුරට පත්වීම ගැන හරිම සතුටුයි. පාරින්ද රණසිංහ විශිෂ්ඨ අග විනිසුරු තුමන් මෙන් ඔබ තුමාද කීර්ති නාමය ඔප නංවමින් යෙහෙන් වැජඹේවා!!! ජනාධිපති තුමනි, කාලෙකට පස්සේ හොඳ තීරණයක් දීම ගැන ස්තුතියි.
ශ්රී ලංකා අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ අගවිනිසුරුවරයෙක් හැටියට ගරු බුහුමන් ලබන්නට හැකිවන ලෙස නිවැරදිව අපක්ෂපාතිව හා කාර්යක්ෂමව කටයුතු කරන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.