IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරාගේ නම ව්‍යවස්ථා සභාවට

(අජන්ත කුමාර අගලකඩ)

නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි වාර්තා වේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා හෙට (12) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිත බැවින් එම ධූරය පුරප්පාඩු වේ.

ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර එවීමෙන් පසුව හෙතෙම නව අගවිනිසුරුවරයා ලෙස අනිද්දා (13) දිනයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය ද ඉකුත් දා අවසන් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද අලුතින් සාමාජිකයින් මේ වනවිට පත් කර ඇත.



අදහස් (3)

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරාගේ නම ව්‍යවස්ථා සභාවට

Karunarathne Gampola Friday, 12 October 2018 04:19 AM

ගෞරවනීය අගවිනිසුරු නලීන් පෙරේරා උතුමාණෙනි, යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ව්‍යවස්ථාදායකය.,විධායකය ඇල්මැරී ක්‍රියාත්මක වුවත් ,අධිකරණය එසේ නොවී ශක්තිමත්ව ගෞරවනීයව කරගෙනයාමට හැකිවෙවායි.... මගේ පැතුමයි... නිදුක්වෙවා! නිරෝගිමත් වේවා!!

:       1       8

Mahee Friday, 12 October 2018 04:51 AM

පන්දම් හාල්පාරුවෙක් නැතුව නියම සුදුස්සා වන ඔබ තුමා මේ තනතුරට පත්වීම ගැන හරිම සතුටුයි. පාරින්ද රණසිංහ විශිෂ්ඨ අග විනිසුරු තුමන් මෙන් ඔබ තුමාද කීර්ති නාමය ඔප නංවමින් යෙහෙන් වැජඹේවා!!! ජනාධිපති තුමනි, කාලෙකට පස්සේ හොඳ තීරණයක් දීම ගැන ස්තුතියි.

:       1       12

සතයපාල Friday, 12 October 2018 07:15 AM

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ අගවිනිසුරුවරයෙක් හැටියට ගරු බුහුමන් ලබන්නට හැකිවන ලෙස නිවැරදිව අපක්ෂපාතිව හා කාර්යක්ෂමව කටයුතු කරන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 114 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 959 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2564 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site