IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


නිවාස රැසක් කොල්ල කෑ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට


(තිලකරත්න දිසානායක)
 
ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල නිවෙස්වලට ඇතුළු වී  දිවා සහ රාත්‍රී කාලයේදී භාණ්ඩ සොරකම් කළ බව කියන මත්කුඩු ජාවාරම්කාරයෙකු, ගම්පහ පොලිස්  අපරාධ විමර්ශන අංශය මගින් අද  (21) අත්අඩංගුවට ගෙන ඇත.
 

සැකකරු නිවන්දම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි බණ්ඩි හුංගා හෙවත් පෙත්තා නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අයෙකු බව පොලිසිය කියයි. 
 
අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත මාකේවිට, වැලිකඩ ප්‍රදේශයේදී අංක තහඩු නොමැති යතුරුපැදියකින් යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම්  710ක ප්‍රමාණයක්ද තිබූ බව පොලිසිය පවසයි.
 
කලක පටන් නිවෙස්වලින් මෙලෙස භාණ්ඩ සොරකම් කෙරෙන බවට ලැබී ඇති පැමිණිලි කිහිපයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ තවත් සඟයන් දෙදෙනෙකු ද හවුල් කර ගනිමින් කිසිවෙකු නොමැති නිවෙස් බලා සොරාගත හැකි භාණ්ඩ රැගෙන ගොස් විවිධ ස්ථානවලට අලෙවි කළ බවයි.
 
මෙලෙස අලෙවි කරන ලද වතුර මෝටරයක්, ගෑස් ලිප් දෙදක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ස්ථාන කිහිපයකට අලෙවි කොට තිබී සොයා ගෙන ඇති අතර මොවුන් විසින් සොයා ගත් තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට ඇති බව ද පොලිසිය කියයි. 
 
සැකකරු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ පැමිණි යතුරුපැදියෙහි ලියකියවිලි කිසිවක් නොමැතිවී ඇති අතර එහි අංක තහඩු යතුරුපැදියෙහි සඟවා තිබී සොයා ගෙන ඇත. 
 
ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක කේ.එච්.කේ. සංගීත් මහතාගේ මෙහෙයවීමෙන් මේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 
 



අදහස් (0)

නිවාස රැසක් කොල්ල කෑ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site