IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නිවාස අධිකාරියේ දූෂණ රැසක් එළියට

(සුජිත් හේවාජුලිගේ)

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා  බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන්  3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස්  අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර ජන සෙවණ  නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබඳව තත්ව වාර්තාවක් මාසයක් ඇතුළත  ඉදිරිපත් කරන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙයට පෙර නිර්දේශ කර තිබුණද එය මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය .

නිවාස ව්‍යාපෘති135ක පොදු දේපළ   පළාත් පාලන ආයතනවලට මෙතෙක් පවරා නොතිබීම ප්‍රබල ගැටළුවක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  මෙහිදී පැවසුවේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය .

මේ අතර කොළඹ ඩාර්ලි පාරේ අක්කරයකට වැඩි ඉඩමක නිවාස ඉදිකර සංවර්ධනය කිරීමට පෞද්ගලික පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ගත වුවද 2016 වර්ෂයේදී කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකර එම ඉඩම අදාළ පෞද්ගලික ආයතනයට ගිවිසුම්ගත  මිලවූ රුපියල් කෝටි අසූ එකකට වැඩි මුදලකට විකුණා ඇති බවද කෝප් කමිටු රැස්වීමේ දී හෙළි වී ඇත .

මෙම ඉඩමේ භුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීහු  මෙහිදී කෝප් කමිටුවට දැනුම් දුන්හ.

ජාතික නිවාස  සංවර්ධන  පුරප්පාඩු 688 ක් පවතින හෙයින් ඒවා කඩිනමින් පිරවීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස  කෝප් කමිටු සභාපතිවරයා   එම අධිකාරියට දැනුම් දුන්නේය.

ආයතනයේ ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිද්දී  අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය. 

තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අවස්ථාවක අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා  විමසුවේය

මෙය ආයතනයක් තුළ නොපැවතිය යුතු තත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා මාසයක් ඇතුළත  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  මාහාචාර්ය චරිත හේරත් මහතා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතාට උපදෙස් දුන්නේය .
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා මෙම නිලධාරීන් පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පෙන්වා දුන්නේ  එලෙස බදවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තා නිසි පරිදි පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය .

එමෙන්ම ආයතනයෙහි ක්‍රියාකාරි සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම එහි අන්තර්ගත නොකිරීම සම්බන්ධවද කාරක සභාවේ සාකච්ඡාවට ලක්විය.

තවද මෙම ආයතනයේ ණය අයවීමේ ප්‍රගතිය අවම තත්ත්වයක පැවැතීම  සම්බන්ධයෙන්ද  අවධානය යොමුවූ බව කෝප් කමිටුව පවසයි .

වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින හෙයින්  ණය අයකර ගැනීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැන්වීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන ගැටලු රැසක් පවතින හෙයින් එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නිසි නියාමනයක් සිදු කරන ලෙසද  කාරක සභාව, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට  දැනුම් දුන්නේය.

2020 වසරේ මූල්‍ය ප්‍රකාශන වලට අනුව අධිකාරිය සතු සෙවණ මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68 ක් බව කාරක සභාවේදී අනාවරණය වූ අතර, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවැසීය .

මේ සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්‍ය සාධනය  පරීක්ෂා කර බැලීම සඳහාය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩී.වී චානක යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, , ජගත් පුෂ්පකුමාර, , ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරුද  සභභාගී වූහ. 

 



අදහස් (3)

නිවාස අධිකාරියේ දූෂණ රැසක් එළියට

ravi karunanayaka Monday, 12 July 2021 04:24 PM

කොහොමද වැඩ?

:       19       0

Kapila Monday, 12 July 2021 07:48 PM

අම්මෝ පුතාණෝ..!!!

:       30       0

sharm warn Monday, 19 July 2021 09:13 AM

අලුත් සභාපතිව සාධාරණීකරණය කරන්න ගත්ත හොඳ උත්සාහයක්... පුන්නක්කු 68 ලක්ෂයට ඉතින් රට තණකොළ මිටියක් ලැබුණා වගේ දැනෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10967 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site