( රොමේෂ් මධුෂංඛ)                   

යාපනයේ නිවෙස්වලට ඇතුලු වී රන්භාණ්ඩ සොරකමේ නිරත 7 දෙනෙකුගෙන් යුතු කල්ලියක් රුපියල් 985,000 ක මුදලක්ද සමග අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද විශේෂ සෝදිසියකදී මෙම පිරිස මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

එහිදී රන්භාන්ඩ සොරකම් කිරීමේ කාරියෙහි නිරත වූ දෙදෙනෙකු පළමුව රුපියල් 985,000 කමුදලක් සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී රන් භාණ්ඩ ලඟ තබා ගන්නා සහ මුදල් ලබාදෙන පුද්ගලයින් පිළිබඳව අනාවරනය වී ඇත.

පසුව අදාල පිරිස්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර එහිදී තවත් කාන්තාවක් දෙදෙනෙකු ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොණ්ඩාවිල් සහ උරුම්බිරාය් ප්‍රදේශයන්හි පදිංචි වයස 21 ත් 41 ත් අතර වියෙහි පසුවන අය වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදුකරන කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.