IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ජලාල් යූනුස් මහතා කීවේ සිකුරාදා යාඥාව සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් දේවස්ථානය ඇතුළට යාමට සූදානම් වීමත් සමගම වෙඩි තැබීම සිදුවූ බවයි. 

“ඔවුන්ට හානියක් නෑ. ඒත් ඔවුන් මානසිකව මහත් කම්පනයට පත්වෙලයි ඉන්නේ. විශ්වාසයෙන් යුතුව තමන් නැවතී සිටින හෝටලයට වෙලා ඉන්න කියලා අපි ඔවුන්ට කිව්වා” යයි ජලාල් යූනුස් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවසීය. 

“වෙඩි තැබීමේදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බේරුණා. ඒත් හරිම භයංකාර අත්දැකීමක්. කරුණාකර ඔබ යාඥා කරද්දී අපවත් සිහිකරන්න” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. 

නවසීලන්තයේ මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙන් කිහිපදෙනකුම මියගොස් තිබේ. 

“ක‍්‍රයිස්ට්චර්ච් පල්ලියේදී අද සිදුවූ වෙඩි තැබීමෙන් අල්ලා දෙවිඳුන්  අපව බේරා ගත්තා...අපි ඉතාමත් වාසනාවන්තයි..මේ වගේ දෙයක් නම් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්න එපා” යයි කණ්ඩායමේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් කියයි. 

“වෙඩි තබන්නන්ගෙන් යන්තමින් ගැලවුණා. හදවත ගැහෙන වේගය පාලනය කරගන්න බෑ..හැම තැනම මහ කලබලයක්” යයි කණ්ඩායමේ උසස් දස්කම් විශ්ලේශක ශී‍්‍රනිවාස් චන්ද්‍රසේකරන් කීවේය. 

බංග්ලාදේශ කී‍්‍රඩකයන් අල් නූර් දේවස්ථානය අසළට ළඟා වූ විගසම පල්ලිය ඇතුළේ වෙඩි තැබීමක් සිදුවෙන බව කිසිවකු විසින් කී‍්‍රඩකයන්ට දැනුම් දී තිබේ. ඒ සැණින්ම නැවතත් බංග්ලාදේශ බසයට ඇතුළු වූ කී‍්‍රඩකයෝ බසයේ බිම දිගා වූහ. 

මෙම වෙඩි තැබීම නිසා නවසීලන්තය සහ බංග්ලාදේශය අතර සෙනසුරාදා (16) ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි ටෙස්ට් තරගය අවලංගු කර දමා තිබේ.

 



අදහස් (6)

නවසීලන්තයේ වෙඩි තැබීමකින් බංග්ලාදේශ පිල යන්තමින් ගැලවෙයි

රොමේෂ් Friday, 15 March 2019 05:09 AM

තුන්වෙනි ටෙස්ට් තරඟයත් ඉනිමකින් පරාජය වෙන්න තිබුණු අවස්ථාවෙන් බේරුණු එක තමයි ලොකුම බේරීම...

:       24       67

Keppetipola Friday, 15 March 2019 05:09 AM

ඇයි අල්ලා දෙවියන් ක්‍රිකට් කණ්ඩායම බේරාගෙන පල්ලියේ හිටිය අනිත් අයට මැරෙන්න දුන්නේ..?

:       400       313

nisarFriday, 15 March 2019 10:38 AM

අනෙක් අය තවත් දවසක දෙවියන්ගේ කැමැත්තට පරිදි සිදුවේ. ඒ දක්වා යහපත් ජීවිතයක් ගතකරමු. කවුරුවත් සදහටම ජීවත් වෙන්නේ නැහැ.

:       147       282

susanthaFriday, 15 March 2019 12:32 PM

ඔහේ ඇති දෙයියෙක් නැහැ බන්....

:       305       275

Shantha Qatar Friday, 15 March 2019 09:07 AM

අනේ පව්.. හයියෙන් හුළඟක් හැමුවත් බය වෙන කෙනෙක්... ඒ අයට අපේ අයට වඩා නම් දක්ෂයි.

:       28       50

prabha Friday, 15 March 2019 04:14 PM

අපරාදේ වෙඩික්කරුවට නයි නැටුමක් බලාගන්න තිබුණු චාන්ස් එක නැතිවුණා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site