IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නවසීලන්තයට උතුරින් භූමි කම්පා 4 ක්

නවසීලන්තයේ උතුරු දූපතට නැගෙනහිරින් සිව්වැනි වරටත් අද (5 වැනිදා) උදෑසන භුමිකම්පාවක් ඇතිවී තිබේ. එය රිච්ටර් මාපාංක 6.5 ක භූකම්පනයකි.

සුනාමි අනතුරු ඇඟවිම් මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණ ද පසුව එය ඉවත් කරගෙන ඇත. ඊට හේතුව වී ඇත්තේ දෙවැනි සහ තුන්වැනි භූමි කම්පා වඩාත් ප්‍රබල වූ නමුත් එයින් ඇතිවූ බලපෑම අපේක්ෂා කළ තරම් හානිදායක නොවීමයි.

කෙසේ වෙතත් ඕක්ලන්ඩ් නුවර ආසන්නයේ වෙරළබඩ ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගොස් අවධානයෙන් සිටින ලෙසත් නවසීලන්තයේ ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය උපදෙස් නිකුත් කර තිබේ. මීට පෙර සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කළ අතර වෙරළට ඔබ්බෙන් තවත් භුමිකම්පා තුනක් වාර්තා වීමෙන් පසු නිවාස වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නිවැසියන්ට පවසා තිබේ.

රිච්ටර් මාපාංක 7.3 ක භූ කම්පනයක් උතුරු දූපතට නැගෙනහිරින් වාර්තා වූ අතර ඊට තවත් පැය 4 කට පසු කර්මඩෙක් දූපත් අසළ තවත් රිච්ටර් මාපාංක 7.4 ක භූකම්පනයක් සිදුවිය. වඩාත්ම ප්‍රබල භූමිකම්පාව වන  රිච්ටර් මාපාංක 8.1 ක භූමි කම්පාව පෙරවරු 8.28 ට වාර්තා වූ අතර සිව්වැනි කම්පනය 6.5 ක විශාලත්වයකින් අද (5) පස්වරු 12.12 ට හට ගත්තේය.

සුනාමි අනතුරු ඇඟවීම් පස්වරු 2 න් පසු පහව යන අතර පසුව නිවෙස් වලින් ඉවත් වූවනට නැවත සිය නිවෙස් කරා යාමට හැකි බව සඳහන් කරයි.



අදහස් (1)

නවසීලන්තයට උතුරින් භූමි කම්පා 4 ක්

SUNIL MILANO Friday, 05 March 2021 08:43 AM

බුදු සරණයි...!!! 

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site