(බී. ජානක)

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය ගනිකා මඩමක් වටලා එහි කළමනාකාරිය ඇතුළු කාන්තාවන් දස දෙනකු  අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

එහි කළමනාකාරිනියට කඳාන ප්‍රදේශයෙහි  60 හැවිරිදි පදිංචිකරියකි. සෙසු අනෙක් කාන්තාවන් 27,32,33,41,42,52 යන වයස්වල පසුවන අත්තිඩිය, කැළණිය , ඕපනායක, ගොකරැල්ල , පිලියන්දල, මාතර ,නුවර යන ප්‍රදේශවල පදිංචි විවාහක කාන්තාවන් බව පොලිසිය කියයි.

ගණිකා මඩම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල මාසකට රුපියල් ලක්ෂ තුනහාමරකට කුලී පදනම මත ලබාගත් ස්ථානයක් බව පොලිසිය පවසයි.

කොළඹ ප්‍රදේශයේ ඉතා උසස් රැකියා කරන බවට එම කතුන් සිට  නිවෙස්වලට පවසා ගනිකා වෘත්තියේ යෙදි ඇතැයි පොලිසිය කියයි ඇත්තේ .

සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.