(තිළිණි ද සිල්වා)
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමට අදාල කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ලබා දෙන ලෙස වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් කොමිසමට අද (25) ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නොතීසි නිකුත් කළ බව කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමකින් තොරව රජයේ මුදල් යෙදවිම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව සිදු කර ඇති බැවින් එය පෞද්ගලික රෝහලක් බවට පල වන ප්‍රකාශ කිසිසේත් පිළිනොගන්නා බවයි.
මෙම රෝහල සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු මහතාට කිසිදු අයිතියක් නොමැති බවත් එය රජය සතු රෝහලක් බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සදහන් කළ කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කොමිසම විසින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රෝහල රජයට පවරාගත්තට පසු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නොමිලේ නිසා ඒවාට මුදල් අවශ්‍යයි. මෙම රෝහල නෙවිල් ප්‍රනාන්දු මහතාට අයිති කාලයේ ලෙඩුන්ගෙන් මුදල් අයකරලයි ප්‍රතිකාර කලේ... ඒ කාලයට රජයේ මුදල් අයකරා නම් වැරදියි.
දීපන්කෝ උත්තර... තවත් රාජ්‍ය නිලධාරින් ගණනක් අහුවෙන හැඩයි. රාජ්‍ය නිලදරුවනි! දේශපාලුවන්ට කඩේ යාමෙන් වළකින්න. අර පැරණි කියමන "බල්ලොත් එක්ක බුදියාගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව" උදේ දහවල් පෙනෙන තැනක ලියා එල්ලා තබාගන්න.
මේ සමහර අය තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් කුහකද කියා මෙම පෝස්ට්වලින් පෙන්නනවා. ඕනෑම දේපලක අයිතිය හා භුක්තිය පවරාගැනීමේ නීතිමය තත්වයක් තිබෙනවා. උදාහරණ ලෙස ලීසින්ග් කරනවිට වන්නේ භුක්තිය පවරා ගැනීමයි. මෙහිදීත් ප්‍රකාශ වන ආකාරයට කැබිනට් අනුමැතියක් මත රෝහලේ භුක්තිය පවරාගෙන සියලු මෙහෙයුම් වියදම් රජය මගින් දරමින් රෝහලක් නිදහස් සෞඛ්‍ය සේවයට ලබාදී තිබෙනවා. මෙයින් නිදහස් සෞඛ්‍ය සේවයට කොතරම් වාසියක් සිදුවී ඇත්ද? කිසිදු මුදලක් නෙවිල්ට ගෙවීමක් නැතිව ඔහුට අයිති දේපල භුක්තිය පවරාගෙන නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යනවා. තමන්ගේ කුහක පරමාර්ථ වෙනුවෙන් මෙවැනි චෝදනා ගෙනෙන්නේ මනුෂ්‍යයින්ද? නැතිනම් තිරිසන්නුද කියා අසන්න වෙනවා...