IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි

(දසුන් රාජපක්ෂ) 

යහපාලන ආණ්ඩුව සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට ලබාදුන් බව කියන රුපියල් බිලියන 7ක මහජන මුදල් යළි රජයට පවරා ගන්නා ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගන්නා බව පවසා රාජිත සේනාරත්න මහතා එම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන ඇතත් මේ වන තෙක් එම රෝහල රජයට පවරා ගැනීමක් සිදුවී නොමැති නිසා එම ඉල්ලීම කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (17) ප්‍රකාශ කළේය.

පාඩු පිට පවත්වාගෙන ගිය නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජය මගින් නඩත්තු කරන බව පවසා අවිධිමත් කැබිනට් පත්‍රිකාවක් හරහා මාසිකව රුපියල් මිලියන 250 බැගින් එම රෝහලට ලබාදීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කර ඇතත් කිසිදු ආකාරයකින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදුවී නොමැති බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

එම රෝහල රජය යටතේ පවත්වාගෙන යන මුවාවෙන් රාජිත සේනාරත්න මහතා විසින් නෙවිල් ප්‍රනාන්දු මහතා වෙත මහජන මුදල් රුපියල් බිලියන 7ක් දක්වා ලබා දෙනු ලැබ ඇති බව ද  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ව්‍යාපාරික කටයුත්තක් ලෙස පවත්වාගෙන යන එම පුද්ගලික රෝහල වෙනුවෙන් රාජ්‍ය මුදල් යෙදවීම වහාම නතර කර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් මෙම රෝහල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.



අදහස් (1)

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රාජිත දුන් බිලියන 7 රජයට පවරා ගන්නැයි ඉල්ලයි

Hafeel Monday, 17 February 2020 11:01 AM

එතකොට රාජපක්ෂ පාලන සමයේ මහින්ද මේ රෝහලට දීපු ණය අය කරන්න නැද්ද?

:       7       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site