






(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී, රථවාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
නාවලපිටිය බස් නැවතුම්පළේ සිට ගම්පොළ දෙසට මීටර් 500ක පමණ ප්‍රදේශයක් වැසි ජලයෙන් යටවී තිබුණි.
වැසි ජලය නිසි ලෙස කානු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් සුළු වර්ෂාවකදි පවා නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවන බව ජනතාව පවසති.
COMMENTS
චන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ 35 මොනවද දන්නේ නැහැ මේකට කියන්නේ. දැන් ඇහුවොත් සුර පුරයක් කරනවා කියාවි. නැතිනම් බෝට්ටු ටිකක් බෙදලා දේවි.
ඉතාම සුන්දර දසුනක් ජලය නිසිපරිදි ගලාගෙන යනවා සේම නීතිගරුක රියදුරන් ඉතාම විනීතව වාහන පදවන බව පේනවා. මෙවනි සුන්දර ජල ගැලීමක් මුළු රටපුරාවටම මහාමාර්ග වල සිදු උනා නම්, අඩුතරමේ මහා මාර්ගය තුල වත් විනයක් පවතීවි. නොවැම්බර් 16 දක්වා මුළු ලංකාව පුරා මෙවනි ජලගැලීම් ඇති උනොත් ජනතාවට කෑම බීම නැතත්, සැනසීමෙන් මියැදෙන්නවත් හැකිවේවි.