රංජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද(19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය තැපැල් කාර්යයාලය අසල සිට නාවලපිටිය පොලිසිය දක්වා මෙසේ ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.
වැසි ජලය නිසි ලෙස බැස නොයැම නිසා නාවලපිටිය නගරය මෙසේ ජලයෙන් යට වන බව නාවලපිටිය නගරයේ ව්‍යාපාරිකයෝ පවසති.
මේ අතර නාවලපිටිය වැලිගම්පොල ඉසිපතනාරාම විහාරස්ථානයේ බෝධි ප්‍රකාරය වටා ඉදි කර තිබු ආරක්ෂිත බැම්ම කඩාගෙනවිත් ප්‍රතිසංස්කරණය කරමින් තිබු එම විහාරස්ථානයේ අවාසගෙට දැඩි අලාභ හානි සිදු වි ඇත.
අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග නාවලපිටිය ප්‍රදේශයෙන් පිටාර ගලා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd