(රංජිත් රාජපක්ෂ )
නාවලපිටිය ගග ඉහළ කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් රැසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා අද (30) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ එක්විය.
නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවක නාවලපිටිය යු.එන්.පි අපි යනුවෙන් ගග ඉහල කොරලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කල මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් විසින් කැදවා තිබු රැස්විමකට එම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ගේ ඉල්ලිමක් මත එම රැස්විමට සහභාගි වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග එම පිරිස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්විය.
එක්සත් ජාතික පක්ෂයේ හිස්වැසුම් සහිතව රැස්විම් ශාලාවේ රැදි සිටි එක්සත් ජාතික පක්ෂය නියොජනය කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග ඔහුන් පැලද සිටි එක්සත් ජාතික පක්ෂයේ හිස් වැසුම් ගලවා ඉවත් කර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අංකය සහිතව හිස්වැසුම් පැලද එම රැස්විම පැවැත්වුහ.
මෙම රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට එක් වු පිරිස මාධ්‍යය සාකච්ඡාවක්ද පැවැත්වු අතර එම මාධ්‍යය සාකච්ඡාවේදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අදහස් දැක්විය.
ගග ඉහල කෝරලේ ප්‍රාදේශිය සභාව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලනය යටතේ පවතින අතර විපක්ෂය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්විමත් සමග එම ප්‍රාදේශිය සභාවේ විපක්ෂය නියෝජනය කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු පමණක් සිටින බව ප්‍රාදේශිය සභාවේ සභාපති ධම්මික නදිර ජයසේකර මහතා පැවසිය.


2025 නොවැම්බර් මස 17
91
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
931
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නාවලපිටියේ එජාප ආධාරකරුවෝ රැසක් පොදුජන පෙරමුණට එක් වෙති
Mako Tuesday, 30 June 2020 08:29 AM
නිරෝධායන නීති කාලේ..
de silva Tuesday, 30 June 2020 09:32 AM
යටින් ඩීල් දමන රනිල්ගේ පක්ෂයේ හිටියත්, මහින්දානන්ද ළඟ හිටියත් වැඩි වෙනසක් නැහැ.