IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නුවරඑළි ඡන්ද පොළ ලොක්කෝ 10 ක් ඉවතට


(***සුජිත් හේවාජුලිගේ සහ ***නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා තෝරාගනු ලැබ සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දස දෙනකු එම කටයුතුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ඇරැඹූ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.

මේ නිලධාරීන් දස දෙනා කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගිවී ඇතැයි තහවුරුවීම නිසා ඔවුන් මැතිවරණ රාජකාරි කටයුතුවලින් මෙසේ ඉවත් කළ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ඉවත් කෙරුණු ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කරනු ලැබ සිටිති.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමක දී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසුවේ එම ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගිවී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි රැසක් ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා තමාට ලැබුණු බව ඔහු කීවේය.

ඡන්ද රාජකාරි කටයුතුවලින් මෙසේ ඉවත් කරනු ලැබ සිටින්නේ ජ්‍යෙෂ්‍ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් වශයෙන් තෝරාගනු ලැබ සිටි ප්‍රදේශයේ ගුරුවරුන් දස දෙනෙකි.

මහ මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 498 කි. මෙම ඡන්ද පොළ සඳහා යෙදවීමට නියමිත නිලධාරීන් සංඛ්‍යාව හාර දහස් එකසියයකි.

සෞඛ්‍ය කටයුතු හා ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීහු දෙදහසකට වැඩි පිරිසක් යෙදවෙති.



අදහස් (1)

නුවරඑළි ඡන්ද පොළ ලොක්කෝ 10 ක් ඉවතට

Bamunuarachchi Wednesday, 05 August 2020 03:47 AM

මොවුන්ට ගුරුවරු කියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site