
( රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
සැම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල්තුහින පතිත වන අතර ඊයේ (21) නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයේ එළවළු වගා ගොවිපලක සහ ඊට ආසන්නයේ පිහිටි තේ වත්තට මල්තුහින පතිත වි තිබුණි.
මල්තුහින පතිත විමත් සමග නුවරඑලිය ප්‍රදේශයේ (21) දින අලුයම දැඩි සිතල කාලගුණයක් පැවති අතර , මල්තුහින පතිත විමෙන් එලවළු වගාවට මෙන්ම තේ වගාවට සහ මල් වගාවට දැඩි බලපැමක් එල්ල කරන බව නුවරඑලිය ප්‍රදේශවාසිහූ කියති.


COMMENTS