(ඩයනා උදයංගනී සහ හර්ෂණ තුෂාර සිල්වා)
ඉන්දියාවේ සිට හමා එන සුළං ධාරා ඔස්සේ පැමිණෙන දුවිලි අංශු හේතුවෙන් නවදිල්ලි නුවර වායු දුෂණයේ බලපෑම කොළඹ නගරට ද එල්ල වී ඇතැයි ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය.
ඒ හේතුවෙන් කොළඹ නගරයේ වායු දූෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් යාපනය නගරය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ද සුළු බලපෑම් ඇතිවී ඇති නමුත් එය අවදානය යොමු කළ යුතු මට්ටමේ වායු දූෂණ තත්ත්වයක් නොවන බව ඔහු පැවසීය.
සාමාන්‍යයෙන් කොළඹ නගරයේ වාතයෙහි පවතින කුඩා අංශු ප‍්‍රමාණය කියුබික් මීටරයකට මයික්‍රොග‍්‍රෑම් 50 ක් වන අතර අද (06) දහවල් එම ප‍්‍රමාණය මයික්‍රො ග‍්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බව සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේය.
ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය මගින් වායුගෝලය සම්බන්ධයෙන් සිදුකළ නිරීක්‍ෂණවලදී ඊයේ (5) සහ අද (6) දිනවල කොළඹ නගරයේ දුවිලි අංශු ප‍්‍රමාණය ඉහළයාමක් පෙනී ගිය බව ප්‍රේමසිරි මහතා ප‍්‍රකාශ කළේය.
එයට හේතු සොයා බැලීමේදී සුළඟේ දිශාව වෙනස් වීමක් නිසා ඉන්දියාවේ සිට දූවිලි සහිත සුළං ශ‍්‍රී ලංකාව දෙසට හමා ඒමෙන් මෙම තත්ත්වය ඇතිවූ බව පෙනී ගොස් ඇතැයිද ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරයා කීවේය.
නමුත් අද (6) පස්වරුව වන විට සුළඟේ දිශාව වෙනස් වී තිබීම හේතුවෙන් ඉන්දියාවේ සිට සුළං ධාරා හමා ඒමේ අඩුවක් මෙන්ම කොළඹ නගරයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප‍්‍රමාණයේ අඩුවක් ද නිරීක්‍ෂණය වූ බව සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.
ඒ හේතුවෙන් හෙට (7) දිනය වන විට වායුගෝලීය තත්ත්වය යළිත් යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ශ්වසන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් අවධානයකින් පසුවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
මේ අතර වායුගෝලයේ ඇතිවී ඇතිතත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සඳහා ආපදා කළමණාකරන අමාත්‍යංශය අද (6) දිනයේදී විශේෂ සාකච්ජාවක් ද කැඳවා තිබිණි.
එම සාකච්ජාව සඳහා පරිසර අමාත්‍යංශයට, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ආදී ආයතනවල නිලධාරීන් කැඳවා තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ද සඳහන් කර තිබුණේ තමන් කරන ලද ගණනය කිරීම්වලට අනුව කොළඹ නගරයේ වායු දූෂණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඇමෙරිකානු ක‍්‍රමයට වායු දූෂණය ගණනය කිරීමේ ක‍්‍රමවේදයට අනුව වාතයේ ගුණාත්මක බව වායූ ඝණ මීටරයකට 0ත් 50ත් අතර විය යුතුය නමුත් කොළඹ නගරයේ අද (6) පෙරවරුවේ එම අගය 172ක් දක්වා ඉහළ ගොස් තිබූ බව එම කාර්යාලය සඳහන් කර තිබිණි.
කෙසේ නමුත් ඊයේ පස්වරුව වනවිට එම අගය 112ක් දක්වා අඩු වී තිබූ බව ද එම කාර්යාලය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්දීය දුෂණය අද ඊයේ පමණක් සිදුවූවක් නොවේ. හැත්තෑව දශකයේ මුලසිටම ලංකාවට ඉන්දීය දූෂණයන් බලපෑවා. අසූව දශකයේ උච්චතම වී රයිෆල් කඳ පාරකුත් කෑවා. තවත් පෙනේ පුප්පන්න ගිහිල්ලා මෙහෙ උපන් එකෙක් සෙත්තපෝච්චි කළා. කොහොම වුණත් ආපහු ටික ටික කෙකර ගානවා වගේ...
එතකොට කොහොමද දිල්ලි ඉඳලා එන දූෂිත වායු කේරලයට බලපාන්නේ නැතුව ලංකාවට විතරක් බලපාන්නේ...? කේරල වල වායු දූෂණ අගය ඉතාම අඩුයි.
ඉන්දියාවත් දමිලයෝත් සිංහල මිනිසාගේ කරුමෙට උපන් ජාතියක්...
අපි ඕවා හොයලා මූණු පොතේ දානකල් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන එක මේක ගැන දන්නේ නෑ.
වායු දුෂණය ඇතිවෙන්නේ දුවිලිවලින් පමණක් නොවේ. වාහන වලින් පිටවන දුමේ ඇති කුඩා කාබන් කැබිලිත් බලපානවා.
දැන් ලංකාවේ පරිසර දුෂණය මනින්නේ ඇමරිකාවද ? ඒ අය ලෝකයේ පරිසර සම්මුතීන් බල්ලට දාලා විතරක් නෙමෙයි දැනට ලෝකයේ වැඩිපුරම පරිසර දුෂණය කරන රට තමයි ඇමරිකාව.
වායු දූෂණයට බලපාන ප්‍රධාන කරුණු වශයෙන් කාර්මීකරණය ඉදිරියෙන්ම සිටිනවා. අපේ රට කාර්මික රටක් කිරීම අගේ යැයි යෝජනා කරන උදවිය දෙවරක් හිතන්න. ඒ වගේම වන සම්පත විනාශ ,ජල සම්පත ආදීන් විනාශ කිරීමද තවත් හේතුවකි. වායු දුෂිත රටවල් අතුරින් මෑතකදී කාර්මීකරණයට ලක්වුණු තුර්කිය, ඉන්දියාව, චීනය පමණක් නොව ජපානය පවා ඉතා දරුණු ලෙස වායු දූෂණයට ලක් වෙලා... නිරෝගී මිනිසුන් බිහිකිරීමට නම් අපේ රටට කෘෂි කර්මාන්තය ඇරුනාම වෙනත් කර්මාන්ත අවශ්‍ය නොවන වගයි මගේ අදහස.