IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක්

මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල  ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත. 

මේ අතර සමාජය තුලින් යළිත් කොරෝනා රෝගියකු වාර්තා වී ඇති නිසා කොරෝනා කොරෝනා වයිරසය  මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

බලධාරීන් විසින් ගන්නා ලද කඩිනම් තීරණ 10 පහත පරිදි වෙයි.

නැවත දැනුම් දෙන තුරු දිවයිනේ සියලුම පාසල් වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 

දිවයින පුරා පවත්වාගෙන යනු ලබන සියලුම පෙර පාසල් හෙට (ඔක්තෝබර් 05 වැනිදා) සිට වසා තබන බව කාන්තා කටයුතු හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 

සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල මගීන් ගෙනයා හැක්කේ  ආසන ධාරිතාව අනුව පමණක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නිවේදනය කරයි. මෙම නිර්දේශය මේ වන විටත් ක්‍රියාත්මකව පවතී. 

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති හෙට (05 වැනිදා) සිට සතියක කාලයක් වසා තැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කරයි. 

ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක සේවාවන්හි කටයුතු කරන මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සාමාජිකයින්ට නැවත දැනුම් දෙන තුරු සේවයට වාර්තා නොකරන්න‘යි යුද හමුදාපතිවරයා දැනුම් දී තිබේ. 

කැළණිය විශ්ව විද්‍යාලය, ගම්පහ වික්‍රමාරාච්චි ආයුර්වේද ආයතනය, යක්කල සහ නයිවල පිහිටි  උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනය හෙට (05 වැනිදා) සිට වසා තැබේ. මෙම ආයතනව වල සිටින සිසුන් වහාම නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙයි. 

මිගමුව සහ මහර බන්ධනාගාරවලට සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට දී තිබූ අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට‍ පිටස්තර පුද්ගලයින් ඇතුළුවීම නතර කර තිබේ. 

ගුවන්තොටුපොළ  පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්ත වසා දැමීම සම්බන්ධයෙන් තීරණයක් හෙට ගැනීමට නියමිතය. 

මේ වන විට ඇඳිරිනීතිය පනවා ඇති දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචිව සිටින ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමට පෙර තම තමන්ගේ අංශ ප්‍රධානීන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙස විවෘත දැනුම් දීමක් කෙරෙයි. 



අදහස් (0)

නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 534 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site