හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙන ‘නවෝත්පාදන සහ නව නිපැයුම් - ඉනවේට් 2019’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) විවෘත කෙරුණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවෝත්පාදන, නව නිපැයුම් සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබෙන මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවේ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී අද (2) සහ (3) යන දෙදින මුළුල්ලේ පැවැත්වේ.
එම විශ්ව විද්‍යාලයේ සිසුන්, ආදී විද්‍යාර්ථීන්ගේ නව නිපැයුම් 200කට ආසන්න පිරිසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් අතර විවිධ කුටි 209කින් සමන්විතය.
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී තිබෙන විවිධ අර්බුද සහ ගැටලු යනාදියට විසඳුම් සොයමින් එම නව නිපැයුම් නිර්මාණය කර තිබෙන අතර නවෝත්පාදනය, ව්‍යවසාය, නව රැකියා නිර්මාණය, නව ව්‍යාපාර අවස්ථා, සයිබර් තාක්ෂණය, රොබෝ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුටි කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් ය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
දැන් නම් ඕව කර කර ඉඳල හරියන එකක් නැහැ. අන්න අරෙහෙ පුරවැසි භාවය අවලංගු කරගෙන එක්කෙනෙක් ඇමෙරිකාවේ ඉඳල හෙට ආපහු එනවලු.
අපේ රටට පිටරටින් ආනයනය කරන දේවල් හදුනාගෙන ඒවායෙන් අපේ රට තුල නිපදවිය හැකි දේවල් වසරෙන් වසර වැඩි කර ගැනීමට පියවර ගන්න. අද වෙනකොට ප්ලාස්ටික් වෙසක් කුඩුව පවා ආනයනය කරනවා.
පඹයින්, රුකඩයින්, දෙපත් නයි නිර්මාණය පිළිබද, උපදෙස් ගත හැකි නායකයින් සිටීම ගැන පුංචි ආඩම්බරයක් අපට තියනවා.