ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා "ගෙදර සිටින්න" නියෝගය ක්‍රියාත්මක කිරීමට නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සූදානම් වේ.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 4 ක් එම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

සිය වැසියන්ට නිවසට වී සිටින්නැයි මුලින්ම නියෝග කළේ කැලිෆෝනියා ප්‍රාන්තය වන අතර ඒ අනුව යමින් ඉල්නෝයි, කනේටිකට් සහ නිව්යෝක් යන ප්‍රාන්ත ද එම පියවර ගත්තේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත වෙන වෙනව දැඩි පියවර ගනිමින් සිටී.

රොයිටර්

055