(ඔගස්ටින් ප්‍රනාන්දු)

නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු  අත්අඩංගුවට ගත හැකි වු  බව නවගත්තේගම පොලිසිය කියයි.

හදිසියේම ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් නවගත්තේගම හිනාගම වැව ඉස්මත්තේ පවත්වා ගෙන ගිය මෙම සූදු පොළ වැටලු බවත් පොලිසිය කියයි. එහිදි සුදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් පලා ගිය අතර 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. සූදුපොළේ තිබු රුපියල් 113,000 ක මුදලක් ද සිය බාරයට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් පිරිස අතර නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු ද සිටි අතර ඔහු මෙයට පෙරද සූදු පිටියක සිටිය දි අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.