IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නවක මන්ත්‍රීන් 79 ට මුලින්ම කාර් පර්මිට්

(*** සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට අදහස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ.

සෙසු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ඉන් පසුව නිකුත් කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තීරුබදු රහිත වාහන බලපත්‍රය නිකුත් කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ වැටුප් වාර්තා හා අනෙකුත් තොරතුරු මේ දිනවල එක්රැස් කරගෙන යන බවයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාටම මේ තීරුබදු රහිත වාහන බලපත්‍රය හිමිවෙයි. මන්ත්‍රීවරයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයක වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නය.

මෝටර් රථ ආනයනය අත්හිටුවා තිබෙන හෙයින් දැනට මෙරටට ගෙන්වා ඇති වාහනවලින් මන්ත්‍රීවරුන්ට තමන් අභිමත වාහන මිලදී ගැනීමට හැකිවනු ඇත. මෝටර් රථ ආනයන තහනම ඉවත් කළ පසුවද වාහන ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්‍ඩලයට ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇතැම් මන්ත්‍රීවරුන් මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී තීරුබදු රහිත වාහන බලපත්‍රය නොගන්නා බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි.

 



අදහස් (17)

නවක මන්ත්‍රීන් 79 ට මුලින්ම කාර් පර්මිට්

සේන Friday, 18 September 2020 05:42 AM

මේං මේවා තමයි සංශෝධනය වෙන්න ඕන...

:       1       231

kamal Friday, 18 September 2020 06:25 AM

ආවා ආදරෙන් රන් කැලුම් දිදී...

:       0       274

hema Friday, 18 September 2020 07:00 AM

හිනාවෙනවා ඇරෙන්නට වෙන මොනවද කරන්න පුළුවන්..?

:       0       254

WasudewaFriday, 18 September 2020 07:54 AM

සජිත් අච්චර කිව්වා.. මට බලය දුන්නොත් මන්ත්‍රීන්ට දෙන වාහන පර්මිට් නවත්තලා... ඒ මුදල් මහජන සුබසාධනයට යොදවනවා කියලා. ඒත් අපි තමයි ඉන්නේ රැල්ලට හසුවන යුගයක... මේක තේරුම් ගන්න කම්... අපි හැමදාම රැවටෙනවා.

:       4       481

BamunuarachchiSunday, 20 September 2020 11:41 AM

බොරු කියන්න එපා සජිත් කවදා, කොතැනකදීද එහෙම කිව්වේ?

:       0       0

සුමනේ Friday, 18 September 2020 07:46 AM

දැන් කවුරුවත් 20 එපා කියන එකක් නැහැ.

:       0       68

බද්රානි Friday, 18 September 2020 08:08 AM

වහල් මනසට මාරම සතුටක් දැනෙන්නේ. රජවරු සහ ඇමතියෝ සතුටින් තියන්න බලාපොරොත්තු වුණු ඒ සුන්දර සිහින සැබෑ වෙනකොට හිතේ ඇතිවන ප්‍රීතිය නම් නිමක් නැහැ. එතුමලා සැප කාර් වලින් වේගයෙන් යනකොට කාටද ආඩම්බර? ආහාරවල මිල අඩු නිසා, ගෙවල් වල කෑම බීමත් පිරිලා ඉතිරිලා අපරාදේ නහස්තිත් වෙනවා. එ් නිසා, බදුමිල තව වැඩිකරන්න. අත්‍යාවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වන්නම එපා. අපේ ගෙවත්තේ සරුවට වැවිලා තියන වගාවෙන් කාලාබීලා මාරම ජොලියකින් තමයි අපේ යාළුවෝ මේ දවස්වල ජීවත් වෙන්නේ. එහෙම එකේ කොහෙවත් තියන කැලෑවලින් හා ඔය විගණන වලින් අපට ඇති පලේ මොකක්ද?

:       9       386

sharm warn Friday, 18 September 2020 08:10 AM

මේවාට කේන්ති අරන් අපේම දුප්පත් ලේ, කඳුලු පුච්චගන්නවාට වඩා හොඳයි නොදැක්කා සේ ඉන්න එක. මේක ඉතින් රටක් නෙමෙයිනේ... 68 ලක්ෂයක හරක් ඉන්න ගොන්ගාලක්නේ..

:       12       515

විජිත් Friday, 18 September 2020 08:57 AM

බයියන්ට හරි ජොලිලු. අද බයියන්ගේ ගම්වල රබන් ගහනවලු, කිරිබත් හදලා, කැවුම් හදලා. මාර පාටිලු. හේතුව රට කන මාරපුත්‍රයාට කාර් පර්මිට් එකක් ලැබිලා. රුපියල් කෝටි 100කටත් වඩා රටට අහිමිවන බදු මුදල් ගෙවන්නේ 69 ලක්ෂයක් වන බයියන් පමණක් නොවෙයි. හොර නඩයට ඡන්දය "නොදුන්" උගත් බුද්ධිමත්, අහිංසක දුප්පත් ජනතාවටත් මේ බර කරගහන්න වෙනවා. මෝඩ අමන පාලකයිනේ... අමතක කරන්න එපා දවසක . මේ අපරාධ වමාරන්න වෙනවා ඔබලාට පොලියත් එක්කම...

:       8       1014

sunanda Friday, 18 September 2020 09:18 AM

පිලිපීනේ රටේ නම් ආණ්ඩුවෙන් තමයි කාර් දෙන්නේ. ටොයෝටා කාර් ගෙනැල්ලා ඔක්කොම ඇමැතිවරුන්ට දෙනවා.

:       41       83

rama Friday, 18 September 2020 12:44 PM

වෙන දේවල්වලට විදේශ විනිමය නැති වුණාට, මන්ත්‍රීලාට වාහන ගේන්ට නම් ඕනෑතරම් මුදල් තියෙනවා...

:       0       37

Nandalal DE SILVA - France Friday, 18 September 2020 01:28 PM

මේ අයට බැරිද සාමාන්‍ය ජනතාව වගේ කුඩා ප්‍රමාණයේ වාහනවලින් යන්න? කොළඹින් සැප පහසු විශාල බදුරහිත බංගලාවක්, විදුලි, ජල, ගෑස්, දුරකථන බිල්, අසරණ ජනතාව විසින් ගෙවනවා.. මේ වගේ රටට ආදරය කරන, රටට සේවය කිරීමට ඇපකැපවී සිටින මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට පෙර ජාතිවල කොතරම් පින් කර තිබේදැයි අපට කියාදෙන්න කවුරුවත් මේ රටේ ඉපදිලා නැහැ. මේ අයට වාසනාවයි !!! රටට අබ සරණයි..!!!

:       0       61

BamunuarachchiSaturday, 19 September 2020 03:44 AM

මොන පිස්සුද? ඒ කාලේ සජිත් කිව්ව කතාව මකත් කර ගන්නකෝ.. ඒකනේ ජනතාව කිව්වේ බෝම්බ වදින්න තිබුණේ දියවන්නාවට කියලා..

:       2       0

siri Friday, 18 September 2020 01:40 PM

මේ වැඩෙන් සිදුවන පාඩුව කෝටි 25කටත් වැඩියි නේද? මාර වැඩක් ලංකාවට වුණේ..

:       0       121

K Perera Friday, 18 September 2020 03:38 PM

ආයෙ ජනාධිපතිට සෘජුවම මැදිහත් වෙලා මේ වගේ තකතීරු දේවල් නවත්තන්න බැරි ඇයි? රටේ අවාසනාවට සජිත් පැරදුණානේ...

:       0       0

de silva Saturday, 19 September 2020 09:01 AM

අපිට හොද්දට දාන්න කහ ටිකක් රටින් ගෙන්වන්න දෙන්නේ නැහැ. නමුත් මන්ත්‍රීලාට ප්‍රකෝටි ගණන් වටිනා කාර් ගෙන්වන්න පුළුවන්. මේකද පොරොන්දු වුණු සමාජ සාධාරණය..? වියත්මගේ බොරුකාරයෝ රටම මුලාවේ දැම්මා.

:       0       4

BamunuarachchiSunday, 20 September 2020 11:44 AM

වාහන ගෙන්වීම තහනම් කර තිබෙන නිසා මන්ත්‍රීන්ලාට රටින් වාහන ගෙන්වන්නේ නැත. මෙහි දැනට ගෙනල්ලා තිබෙන වාහන ගන්න පුළුවන් කියලයි කිව්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site