IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නල්ලතන්නියේ සිට සීත ගඟුල දක්වා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

(රංජිත් රාජපක්ෂ  )   

                  
ශ්‍රී පාද වන්දනා වාරයේදි නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදි කර තිබෙන අනවසර වෙළදසැල් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බව  නුවරඑළිය දිස්ත්‍රික්  ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අද (29) පැවසීය.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන තිබේ.

2018-2019 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම  සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක හා පැල්මඩුල්ල රජමහ විහාරයේ විහාරවාසි  බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා අද (29) නල්ලතන්නිය ග්‍රාම සේවක කාර්යයාල රැස්විම් ශාලාවේදි  පැවති විශේෂ රැස්වීමේදී මෙය තීරණය කළේය.


එම මාර්ගයේ අනුමැතියකින් ‍තොරව සහ අවිධිමත් ලෙස වෙළඳසැල් ඉදි කර තිබීම සම්බන්ධයෙන් පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරයා කරුණු ඉදිරිපත් කිරිමෙන් පසු නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පලාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ගයේ සිමාව සලකුණු කිරිමෙන් අනතුරුව පොලිසියද සහයෝගය ඇතිව එම වෙළදසැල් කඩා ඉවත් කිරිමට  පියවර ගන්නා ලෙස දැනුම්  දුන්නේය.


එළඹෙන ශ්‍රි පාද වන්දනා වාරයේදි ශ්‍රි පාද වන්දනාකරුන්ගේ ආරක්ෂාව සහ පොදු ස්ථාන ආරක්ෂා කරගැනිම හා  පරිසරයට කැලි කසල හා ප්ලාස්ටික් අපද්‍රව්‍යය බැහැර කරන අය නිතියේ රැහනට කොටු කර ගැනිම  සඳහා  මස්කෙලිය ප්‍රාදේශිය සභාවෙන් තොරාගත් ස්ථාන කිහිපයකම සි.සි.ටි.වි කැමරා පද්ධතියක් සවි කිරිමටද  මෙහෙදි තීරණය කෙරිණි.


එළඹෙන ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් අපද්‍රව්‍යය නල්තන්නිය ශ්‍රි පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම එක් රැස් කර එම ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍යය එසේ එකතු කරන ලද ඝන අපද්‍රව්‍යය  විශේෂ යන්ත්‍රයක් මගින් අසුරා  නල්ලතන්නිය වෙත රැගෙන විත් එවා කොළඹට ප්‍රවාහනය කර ප්‍රතිචක්‍රිකරණය කිරිමට ව්‍යාපෘතියක් අරම්භ කරන  බවද දිස්ත්‍රික් ලේකම්වරයා  පැවසීය.


 මෙවර ශ්‍රි පාද වන්දවා සමයේදි හැටන් මර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ඇරැඹිමට නියමිතය.


2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත්, පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ, විශේෂ පෙරහර තුනක්  සමඟ  පැල්මඩුල්ල බගවන්තලාව මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල රත්නපුර රජ මාවත ඔස්සේත්, තවත් පෙරහරක් රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් නල්ලතන්නිය මාර්ග ඔස්සේත් දෙසැම්බර් මස 21 වෙනි දින ශ්‍රි පාද මළුව දක්වා වඩම්මවා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාද විහාරස්ථානාධිපති  හිමියෝ පැවසුහ. 



අදහස් (0)

නල්ලතන්නියේ සිට සීත ගඟුල දක්වා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 678 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site