(හර්ෂණ තුෂාර සිල්වා)
නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පස්වරුවේ ප්‍රකාශ කළේය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.
“තොරතුරු ලැබුණු වෙලාවේ නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් ඔවුන් මා දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බා. නිලධාරීන් ඔවුන්ගේ වගකීම් හරිහැටි ඉටු කළේ නැහැ. අවසානයේදී මාවත් වැරැදිකාරයෙක් කළා. මට අභූත චෝදනා නැගුවා. සිදුවීම් වෙන්න කලින් ඒ ගැන දැනගෙන හිටියා කියලා මට චෝදනා එල්ල වුණා. ඒ තරම් කුහක, ඒ තරම් තමන් නිවැරැදි වෙන්න උත්සාහ කළ නිලධාරීන් පිරිසකුත් හිටියා. ආරක්ෂාව බාරව සිටි නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටුකළා නම් අපට ඒ ජීවිත බේරාගන්න තිබුණා
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව රට තුළ බිය, සැක ඇතිවෙලා. සිංහල හා දෙමළ ජනතාව මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් ජනතාව දිහා බලන්නේ සැකයෙන්. මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ බයෙන්. ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය ඇතිවෙලා. සාමය, සංහිඳියාව කියද්දි මිනිස්සුන්ට කේන්ති යන තරමට සමාජය බෙදිලා. සමඟිය නැතිවෙලා. ජනතාවගේ හිත් සුව කිරීම පහසු නැහැ. සුවපත් සමාජයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ.”
(ඡායාරූප - ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි.. පහත් තැනින් යයි ගලා ජලේ " මාස තුනක්ම ගියානේ රටේ ආරක්ෂාවක් නැහැ කියන එක තේරුම්ගන්න.
අඩු ගණනේ ඔතන ඉන්න අනික් කෙනාවත් එක දැනගෙන හිටිය බව දැන් එළිවෙලා තියෙනවනේ. එයාවත් ඔබතුමාට කිව්වේ නැද්ද? මං හිතන්නේ කවුරුත් හිතන් ඉන්න ඇත්තේ මොකක්ද කියලා තමයි අර ලේකම් උන්නැහේ කිව්වේ. අපි දන්නවා, මෙච්චර දෙයක් වෙයි කියලා අපි හිතුවේ නෑ.
නිලධාරීන් විතරද ?
නිලධාරීන් විතරක් නොවෙයි.. දේශපාලකයොත් හරියට වැඩ කළා නම් මේ විපත නවතා ගන්න තිබුණා.
මේ සම්බන්ධව ඔබතුමාට එල්ලවෙන චෝදනා අභූත නැහැ. රටේ ආරක්ෂාව භාරව සිටි ඔබතුමාගෙන් දැඩි අතපසුවීම් සිදුවී තිබෙනවා. මෙම ප්‍රහාරවලට ආසන්න කාලයේදී ඔබතුමා රටේ ආරක්ෂාව තුට්ටුවකටවත් ගණන් ගෙන නැහැ. වැඩබලන ආරක්ෂක ඇමැති කෙනෙක් පත්කරන්නේ නැතිව සිංගප්පූරුවෙත් ගියේ ඒකනේ... අන්තිමේදී අහිංසක මිනිස්සුයි, දරුවනුයි සිය ගණනක් ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ගෙව්වා. ඔබතුමා මුහුණ දෙන්න බයයි .. තිත්ත ඇත්ත ඒකයි.
එතකොට ආරක්ෂක ඇමතිට රටේ ආරක්ෂාව සම්බන්ධව කිසිම වගකීමක් නැද්ද? ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ සියලුම වගකීම තිබෙන්නේ නිලධාරීන්ට නම් ශ්‍රී ලංකාවට ආරක්ෂක ඇමති වරයෙක් අවශ්‍යද?
මෙය මේ ලංකාවේ ජනධිපතිද නැත්නම් වෙන රටක ජනධිපතිද? තමන්ගෙ ගෝලයෝ හරියට වැඩේ කළේ නැත්නම් ගුරාට ඒ ගැන වගකීමක් ඇත්තෙම නැද්ද?
ඡන්ද දායකයන් ඔලුව පාවිච්චි කළානම් මේ ඔක්කොම සිද්ධීන්, නොහැකියාව සහ අධ්‍යාපනය නොමැති මැටි මෝල් විහිලුකාරයින්ව නවත්ත ගන්න තිබුණා.
එතකොට ඔයා ...
ජනාධිපතිතුමනි, අද බස් කොන්දොස්තරගේ සිට ඉහළම නිලධාරියා දක්වා අයගෙන් තම යුතුකම කීයෙන් කීදෙනාද ඉටුකරන්නේ කියලා හඳවතට එකඟවම කියන්න පුලුවන්ද? බොහෝවිට තමන්ට වාසියක් නැත්නම් ඔහේ බලාගෙන ඉඳීම හැර කරන්නේ අනුන්ගේ යහපතට අකුල් හෙලීමයි. ඔය සිද්ධිය ගැන පියා පුතුට කිවත් තම මිනිසුන් බේරාගැනීමට වඩා පැත්තකට වෙලා සිටීම වැදගත් කියාලා හිටපු ජනතා නියෝජිතයෝත් ඉඳල තියන එකේ තව මොන කතාද? ජනතාව වෙනුවෙන් කිසියම් සේවයක් කරන හැමෝම හිතට ගත යුතු දෙයක් තමා ඒ කරන කටයුත්ත තමා වෙනුවෙනුත් කරන්නක් බව... මොකද ජීවිතේ එකවරක් හෝ තමන්ටත් එයට මුහුණ පාන්න වෙන්න පුළුවන්...
නිලධාරීන්ට ආරක්ෂක ඇමැතිකමත් දුන්නා නම් හරි. ඇමති කියනවා නම් තමුන්ට තම අමාත්‍යංශ ගැන වග කියන්න බැහැ කියලා මොකටද ඇමතිකම් කරන්නේ...?
කකුළුවා පැටවුන්ට පෙරට වරෙන් කියලා ඔහු යන්නේ හරහට. ඒ වගේ තමයි මෙයාගේ මේ කතාවත්... මේ කියන කෙනා හරියට තමන්ගේ රාජකාරිය කළාද? ආරක්ෂක මණ්ඩලය මාස ගාණකින් රැස්කරලා නැහැ. එම ආරක්ෂක මණ්ඩලයට සාමාජිකයින්ට ආරාධනා කරලා නැහැ.
පුරවැසි අපිත් අපේ යුතුකම් ඉටු කරන්න බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම්...
ඇයි ඔබතුමානේ රටේ ඉහළම පෙලේ නිලධාරියා. මතක නැද්ද ජනාධිපතිකම කියන්නේ මොකද්ද, එම නිල ධුරයේ වගකීම් මොනවාද කියලා...