IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බව ඇමති කියයි

(විනීතා එම් ගමගේ)

දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු බිම් අඟලක් වත් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ලබා ගැනීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කණගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල්  දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයි ද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඉඩම් අමාත්‍යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

 



අදහස් (44)

නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බව ඇමති කියයි

wijebahu Wednesday, 12 February 2020 12:55 PM

මහජන විරෝධය නිසා දේශපාලුවා පසුබසියි.

:       2       1851

johnWednesday, 12 February 2020 07:18 PM

ඔය නිලධාරි තුමිය ඉතාම එඩිතර කාන්තාවක්... මරණයට බය නැති කෙනෙක්. පමුණුගම බෝපිටියේ මුතුරාජවෙලේ වගුරුබිමක් ඉතා විශාල ලෙස නීති විරෝධීව ගොඩ කරගෙන ඉන්නවා. බෝපිටියේ දේශපාලකයෙක් සහ බෝපිටියේ හොර ජාවාරම් කරන ව්‍යාපාරිකයන් දෙදෙනෙක්... රජයේ වගුරුබිම් අක්කර 5-10 මේ එක අයෙකු බැගින් බලෙන් අයිතිකරගෙන භුක්ති විඳිනවා. ඔප්පු හදාගෙන විකුණනවා. මේ එක මැර හොර ජාවාරම් කාරයෙක්... එසේ ගොඩකරගත් අක්කර 5ක විතර ඉඩමට මම හිතන්නේ මෙතුමිය මැදිහත්වෙලා ලොකු ප්‍රශ්නයක් ඇද්ද? නමුත් අර ජාවාරම් කාරයා මෙතුමියට පැරදුනේ නැහැ. අදටත් එසේ හොරෙන් අයිතිකරගත් ඉඩම් ඔවුන් භුක්ති විඳිනවා. තව නොබෝ දිනකින් මේ තුන්දෙනා එකතුවෙලා තවත් අක්කර 30ක් විතර ගොඩකරගන්න ප්ලෑන් එකක් තියෙනවා. ගොඩක් දුරට මේ මහා ඡන්දෙන් පස්සේ ඉතාම ඉක්මණින් ඒවා මොවුන් අයිති කරගනී. මොවුන් මොන පක්ෂය බලයට ආවත් දිනුම්... කණගාටුව මෙවැනි එඩිතර රජයේ නිලධාරින් තමයි අන්තිමේදී අසරණ වෙන්නේ...

:       1       425

NishanWednesday, 12 February 2020 11:14 PM

එහෙම දෙයක් නම් දැක්කේ නැහැ. එතන වුනේ මහජන නියෝජිතයාගේ ගෝලයින් ටික නිලධාරිනියව වටකරගෙන ගහපු එකයි. ඒ වගේ මහජන නියෝජිතයෝත් මේ ආණ්ඩුවේ ඉන්නවා. මිරිස් කුඩු ගහපු මහජන නියෝජිතයාව අරගෙන ඉන්දියාවේත් ගියා අගමැතිතුමා...

:       10       247

NishanWednesday, 12 February 2020 11:14 PM

එහෙම දෙයක් නම් දැක්කේ නැහැ. එතන වුනේ මහජන නියෝජිතයාගේ ගෝලයින් ටික නිලධාරිනියව වටකරගෙන ගහපු එකයි. ඒ වගේ මහජන නියෝජිතයෝත් මේ ආණ්ඩුවේ ඉන්නවා. මිරිස් කුඩු ගහපු මහජන නියෝජිතයාව අරගෙන ඉන්දියාවේත් ගියා අගමැතිතුමා...

:       14       231

රවින් Wednesday, 12 February 2020 12:56 PM

බැලුවා පොඩ්ඩක් විපරම් කරලා. පෙනෙන විදියට නම් සාමාන්‍ය පෙළ?. වැඩිමනත් අවශ්‍යද? පරිසරයේ, සොබාදහමේ වටිනාකම... කොහෙද අර ඉස්සර හිටිය මහා ඇමතිගේ පුටුවල තමයි මොලේ තියන්න ඕනේ...

:       1       427

Bamunuarachchi Wednesday, 12 February 2020 01:04 PM

මෙතනට එන දේශපාලුවන් එකඑක අමාත්‍යාංශ බාරගන්නේ ඒ අමාත්‍යාංශ වලට අයත් දෙපාර්තමේන්තු ගැන හෝ ඒ සම්බන්ධ නීතිරීති දන්නේ නැතිවයි. ඒවාට පත්වෙන නිලධාරින්ද නීතිරීති දන්නේ නැත. ඒ කාලයේ නම් නිලධාරින්ගේ උසස්වීම ලැබීමට කලින්ම විභාග තිබුණා. දැන් ඇමතියාට පන්දම් අල්ලන කෙනාට උසස්වීම් ලැබෙනවා. ඔවුන් ඇමතියාට ඕනෑ විදිහට රටකනවා. කඩොලාන නැතිකර ක්‍රීඩා පිටි හදනවා. මුන් මැට්ටෝ නොවෙයිද?

:       3       403

Warnakulasuriya Thursday, 13 February 2020 04:56 AM

පුත්තලමේ බහුතරය විසින් පාර්ලිමේන්තු යවා ඇත්තේ මෙවැනි අය බව මේ මොහොතේ පිළිගත යුතුව ඇත.

:       0       211

NishanThursday, 13 February 2020 09:58 AM

බමුණුආරච්චි කියන විදියට වරදට එරෙහිව නැගී සිටි නිලධාරිනියයි වැරදි. කමක් නැහැ ලක්ෂ 69න් එක්කෙනෙක්නේ...

:       0       1

BamunuarachchiMonday, 17 February 2020 10:57 AM

ඔයා මගේ කමෙන්ට් එක ඔලුවෙන් හිටගෙනද කියෙව්වේ?

:       0       0

Dasa P. Wednesday, 12 February 2020 01:13 PM

කොන්ද පණ ඇති නිලධාරිනියක් රටේ අනාගත පරපුරට කඩොල් කැලේ රැකගනිමු...

:       1       1059

sunilh Wednesday, 12 February 2020 01:20 PM

බොර දියේ මාළු බෑමක් වගේ...

:       98       209

Bamunuarachchi Wednesday, 12 February 2020 01:23 PM

"පාසල් දරුවන්ට පරිසර නීති කියාදිය යුතුයැයිද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයිද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතාද නීතිය නොදන්නවා ඇතැයිද කියා සිටියේය." ඒ කාලේ 8 වෙනි පන්තියේදී අපිට තිබුණා ප්‍රජාචාරය කියලා විෂයයක් එම විශයෙන් නීතිය, ආණ්ඩුක්‍රමය, අධිකරණය ගැන බොහොම දේ කියා දුන්නා. අටවෙනි පන්තියේ ළමයෙක් දන්නවා පාර්ලිමේන්තුවේ පනතක් සම්මතවන්නේ කොහොමද කියලා. ඇමතිතුමනි, පාසල් ළමයින්ට පළමු ඔය ඉන්න මැති ඇමතියන් නිලධාරීන්ට තම විෂය පථයට අයිති නීතිරීති කියාදෙන්න. ඔය තත්ව වලට එනවිට මොවුන් රට කාලා තියේවි.

:       11       259

Bamunuarachchi Wednesday, 12 February 2020 01:37 PM

මෙතනට එන දේශපාලුවන් එක එක අමාත්‍යාංශ බාරගන්නේ ඒ අමාත්‍යාංශ වලට අයත් දෙපාර්තමේන්තු ගැන හෝ ඒ සම්බන්ධ නීතිරීති දන්නේ නැතිවය. ඒවාට පත්වෙන නිලධාරීන්ද නීතිරීති දන්නේ නැත. ඒ කාලයේ නම් නිලධාරීන්ගේ උසස්වීම් ලැබීමට කලින්ම විභාග තිබුණා. දැන් ඇමතියාට පන්දම් අල්ලන එකාට උසස්වීම් ලැබෙනවා.

:       11       103

Champa Wednesday, 12 February 2020 01:53 PM

පරිසරය ගැන දැනීම බිංදුව බව පෙන්නපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙන්නවම එම තනතුරුවලින් ඉවත් කල යුතුයි. ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනි දෙවැනි ජයතිලක මහත්මිය ඉතාම ඉහළින් රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කළා. දේශපාලන බලයට සහ මැරබලයට යට නොවී දේශපාලකයින්ගේ අදූරදර්ශී තීරණ නිසාම වැනසී යන වටිනා කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න තනි සටනක් දුන්නු ගෞරවනීය රජයේ නිලධාරිනියට මගේත් ආචාරය...

:       0       1364

wasantha Wednesday, 12 February 2020 02:14 PM

ජනාධිපතිතුමනි, මෙම නිලධාරිනියට ජනාධිපති සම්මානයක් දෙන්න. ඒ කළ නිහඬ සේවාව වෙනුවෙන්....

:       115       616

සඳුන් Wednesday, 12 February 2020 02:35 PM

මේ දේශපාලුවන් කවදාවත් අවංක නිලධාරීන් වෙනුවෙන්වත්, මහජනතාව වෙනුවෙන්වත් පෙනී සිටින්නේ නෑ. ඒත් තවත් විරුද්ධ පාර්ශවික මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න පුලුවන්. වැලි පර්මිට් රාජ්‍ය අනුග්‍රහය මත මෑතදී දුන් ආකාරය මතක්කර ගන්න. ඒ වගේම මෑතදී වනගහනයට ඇතුළත් අනුරාධපුරයේ ඉඩම් ඩෝසර් කරනවා. මේ සුදුපිරුවට ඇඳගත් කැලෑ පාලුවන් ටික මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු නොයෙවීමට බුද්ධිමත් ජනතාව වග බලා ගත යුතුයි. මුලින්ම මොවුන්ට නාමයෝජනා ලබාදෙන පක්ෂ ප්‍රතික්ෂේප කළයුතුයි.

:       0       404

Gamekolla Wednesday, 12 February 2020 02:42 PM

කට වහගෙන ඉන්න...

:       1       8

Prase Wednesday, 12 February 2020 03:12 PM

ඉතා හොඳින් කළා...

:       1       5

Kumara Wednesday, 12 February 2020 03:43 PM

පොල් කඩන අය ඇමැතිලා වුණාම රට කාටද?

:       2       603

sidath Wednesday, 12 February 2020 03:54 PM

අර ඔක්සිජන් එපා කියන කෙනා කවුද?

:       1       346

TharangaThursday, 13 February 2020 07:18 AM

නම සුරංග... කලින් පාර නිදහස් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලාවි හලාවතින්...

:       0       2

Pradeep Wednesday, 12 February 2020 04:12 PM

අනුරාධපුර ප්‍රදේශයේ රක්ෂිත එළිපෙහෙලිකර තම හිතවතුන්ට බෙදාදෙන චන්ද්‍රසේන ඇමැතිතුමා මේවට විරුද්ධයි කියනවා. විරුද්ධ වෙන්න තමයි ඕනෑ. නමුත් තමනුත් වැරදි නොකර ඉන්න ගමන් මේවට විරුද්ධ වුණානම් තමයි වටින්නේ...

:       1       420

HafeelThursday, 13 February 2020 04:08 AM

ඇමති චන්ද්‍රසේන මේ අවංක, නොබියව කටයුතු කළ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටිය අය පිළිබඳව අගය කළයුතුයි. නමුත් මට නම් මතක් වෙන්නේ අර මාවිල් ආරු වන්දියයි...

:       0       19

දයා එදිරිසිංහ Wednesday, 12 February 2020 05:08 PM

ඔක්සිජන් එපා කියපු මහත්තයාගේ නහය පොඩ්ඩක් හිර කරන්න ඕනෑ..

:       0       32

Daya edirisinghe Wednesday, 12 February 2020 05:19 PM

ඔක්සිජන් එපා කී මහත්තයාගේ නහය හිර කරන්න ඕනෑ.

:       0       42

chandima Wednesday, 12 February 2020 05:52 PM

එක්කෝ අපි රාජ්‍ය අමාත්‍යවරයා කියකියා කිව්වට මලට ඉස්කෝලේ ගිය නැති කෙනෙක්..., නැතිනම් ඉස්කෝලෙදී උගන්නල නෑ... වෙන්නමත් පුළුවනි. එ්ත් බය තියෙන්නේ දැන් ඔහොම කිව්වට ඡන්දෙන් පස්සේ නිලධාරිනියව දණගස්සලා ගස්බඳීද කියන එකයි.

:       0       144

chandima Wednesday, 12 February 2020 06:02 PM

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත්කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය හැකියි කියලා ඇමති කියනවා. මෙලෝ හසරක් නොදන්නා මෝඩයෝ ඇමතිලා කරලා අපේ සල්ලි වලින් පඩිත් ගෙවලා කවදානම් මේ රට ගොඩ යයිද? ඔයිට වැඩිය හොඳයි ඇමතියෙක් නැතිව උන්නා නම්... ඡන්දෙන් පස්සේ මේ ඇමැතියටත් ඩියුටි ෆ්‍රී කාර් දීලා අවුරුදු පහක් පොල් ගෑවට පස්සේ මැරෙනකල් විශ්‍රාම වැටුපකුත් ගෙවනවා. අපි ඉතින් සදා සොත්ති වෙන එක පුදුමයක්ද?

:       0       1223

DeWednesday, 12 February 2020 09:24 PM

කව්ද අනේ මෙයාට ඇමතිකමක් දුන්නු කෙනා? අන්න එයා තමයි වැරදි... ජනාධිපතිතුමා නිතර කිව්ව උගතුන්ට පාලනය බාරදෙන්න කියලා.. එහෙම තියෙද්දී සිරිසේන මහත්තයාවත්ද මේ ඇමතිකම දුන්නු කෙනා...?

:       0       26

chandima Wednesday, 12 February 2020 06:49 PM

මෙම ප්‍රවෘත්තියට අදාල වීඩියෝ පටියත් අපි වෙනත් මාධ්‍ය හරහා නරඹයි... අර ළඟින් ඉඳන් අව්කණ්ණාඩි කුට්ටමක් බැනියමේ එල්ලගෙන ඒ නිලධාරිනියට තර්ජනය කරමින් කෑගසන්නේ මේ ඇමති උත්තමයාගේ ගෝල හෙන්චයියෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඒ කොන්ත්‍රාත් එක දෙන්න හිතන් ඉන්නකෙනා නැතිනම් ජනතාව බයකරන්න එක්කන් යන පරිවාර සේනාවේ කෙනෙක් වෙන්නත් පුළුවනි. ඇමතිලා ගෙවල්වල සුදු පිරුවට ඇඳන් ඉද්දී අහිංසක ජනතාවට ගෙවල්වලට ඇවිත් ගල්ගහලා මරණ තර්ජන කරන්නේ මොවුන් ලවා තමයි. අන්තිමේ උන්ව අැමතිලාගේ ගෙවල් වලම හංගගෙන පොලිසිය රටපුරා යවනවා. ඔවුන්ව අල්ලන්න. රජයේ නිලධාරිනියකට මෙහෙම තර්ජනය කරන රටක ගෝඨාභය කියන විදියේ රාජ්‍ය සේවයක් ඇතිවෙන්නේ කොහොමද? එයත් නිකන් බයිලා ගහනවා වගේ පෙනෙන්නේ...

:       0       2055

ajithWednesday, 12 February 2020 08:44 PM

මේ නිලධාරිනියට තර්ජනය කළ අය අත්අඩංගුවට ගත යුතුයි.

:       0       33

DeWednesday, 12 February 2020 09:31 PM

Chandima, අපේ රට ඔය කිසිකෙනෙක් හදන්නේ නැහැ. මේ පරිසර නිලධාරිනිය වගේ හැමෝම කෙළින් හිටියොත් අන්න එදාට රට හදනවා. රනිල්, සජිත්, මහින්ද, ගෝඨාභය මේ හැමෝම එක වගේ.... වෙනස නම විතරයි.

:       0       75

gunarathnaThursday, 13 February 2020 01:21 AM

ගෝඨා බයිලා ගහන්නේ නැහැ මහත්තයෝ. ගෝඨාගේ තියෙන්නේ අවංක ඕනෑකමක්. රාජ්‍ය අංශය වැඩි දයුණු කරන්ට. නමුත් රාජ්‍ය සේවයේ ඉන්න භූතයෝ, කුම්භාණ්ඩයෝ එක්ක මේක කරන්ට බැරිවෙලා තියෙන්නේ. රාජ්‍ය සේවය වෙඩි දියුණු කළොත් කාටද වාසි වෙන්නේ රටේ මහජතාවට නේද? ලස්සන කමෙන්ට් එකක් දාලා අන්තිමට කොමෙන්ට් එකේ වටිනාකම නැති කරලා දැම්මා...

:       215       2

athuraThursday, 13 February 2020 04:38 AM

ඔව් බයිලා ගහන්නෙ නැහැ බයිලා කියලා කිව්වොත් ඒ ලස්සන කලාවටත් අපහාසයක්. හැබැයි වැල් බයිලා ගහනවා කෝ ඡන්දෙට පහු වෙනිදා කවුද නිදහස් කරපු රණවිරුවා.

:       0       7

රොෂාන් Wednesday, 12 February 2020 09:26 PM

පහුගිය කාලේ මීගමුව අවට ප්‍රදේශවල පැවති ගංවතුර තත්වය බැස්සවීමේ ක්‍රියාවලියට මහපාර දෙපස කාණු කපනවා යයි පවසා, ඒ කපපු වලවල්වල පස් ටිකත් හොරාකාපු අමනයින් තමයි ඔය පැත්තේ ඉන්නේ. මේ වනවිට මීගමුවේ අතුරු මාර්ග දෙපස ඌරු වලවල් මිස කාණු පද්ධතියක් නම් තවමත් සකස් වී නැහැ. ඒ කාණු කැපීමට මුල්වූ පුද්ගලයාත් ඔය ඔක්සිජන් කාරයාගේ මුහුණම තියන එකෙක්... සමහර විට එකාම වෙන්න බැරි නැහැ. එකා නම්, මීගමුවේ නගර සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ හෙන්චයියෙක්...

:       0       13

vidya Wednesday, 12 February 2020 11:54 PM

මේ වගේ ශ්‍රී ලාංකික තරුණ මෙනෙවියන් ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ... විද්‍යානුකූල තර්කයක් ඉදිරිපත් කළ එම නිලධාරිතුමිය සිටිය යුත්තේ ශ්‍රී ලංකාවේ පරිසරය පිළිබඳව උසස් තනතුරක... මම ඔබතුමියට මගේ ස්තුතිය පුද කරනවා. ඔබතුමියට සොබාදහමේ පිහිට ලැබේවා...!!!

:       0       41

සමන්ත Thursday, 13 February 2020 01:47 AM

කඩොලාන පරිසර පද්ධතියක් කියන්නේ මිල කල නොහැකි සම්පතක්... ක්‍රිඩා පිටියක් වගේද පරිසරය...? මෝඩ නූගතුන් පාර්ලිමේන්තුවට ගියාම වෙනදේ... හැමදෙනාටම පරිසරයට ආදරය කරන්න ඉගැන්විය යුතුයි. මම හිතන්නේ නෑ. අනෙක් එක ධීවර ඇමතියෙක් මොකටද ක්‍රීඩාංගණ හදන්න උනන්දු වෙන්නේ...? අනෙක් කරුණ ධීවරයින් කඩොලාන විනාශ කරනවාට කොහොමත් කැමැති නොවේවි...

:       0       79

ananda Thursday, 13 February 2020 02:52 AM

ගෝඨාභය කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න උනන්දු වෙන නායකයෙක් බව ඇත්ත. නමුත් ඔහුට එය කිරීම සඳහා හැකියාවක්, යාන්ත්‍රණයක් නොමැති බව පැහැදිලියි. එය රටේම අවාසනාව. ක්‍රමය වෙනස් නොකර තේරුමක් නැහැ. එතුමා තනි වෙලා වගේ දැනෙනවා.

:       2       61

athuraThursday, 13 February 2020 04:40 AM

ක්‍රමය වෙනස් කරන්න කෙසේ වෙතත් කොන්ද පන තියන කෙනෙක්නෙ පත් කලේ කෝ දැන් කොන්දෙ හුලන් ගිහිල්ලද.

:       0       8

NishanThursday, 13 February 2020 10:01 AM

නායකයා ආර්ථික අගාධයේ හිරවෙලා. හිටපු අගමැතිගෙනුයි, හිටපු මුදල් ඇමතිගෙනුයි උපදෙස් ගන්නවා වගේ....

:       0       1

sapumal Thursday, 13 February 2020 03:13 AM

පාසල් ළමුන්ට නීතිය කියලා දෙන්න.... එ්ක හොඳයි. ඒ එක්කම පාසල් ගිය අය ඇමතිවරු කරන්න.

:       0       45

sharm warn Thursday, 13 February 2020 04:56 AM

මේ නිලධාරිනිය ලොකු අවධානමක් අරගෙන තමයි මේ යුද්ධේ කෙරුවේ. ඇයගේ මට්ටමේ සේවය කරන සෑම පරිසර නිලදරුවෙක් ම ජිවිත තර්ජන මැද්දේ තමයි රාජකාරි කරන්නේ සත්‍ය අත්දැකීම් මත මම කියන්නේ. මුදලටත් බලයටත් එරෙහිව පරිසර නිතිය රැක ගන්න ඔවුන් නිහඩව ලොකු සටනක් ගෙනියනවා. කොච්චර කලකිරීම් මැද්දේ වුනත් එයාල මේ සටන හැමදාම කරනවා .ඒක සමාජයෙන් දැක්කේ මේ වතාවේ විතරයි. එතකොටත් කිසිම හිරිකිතයක් නැතුව ඇයව හෙලා දකින්නත් ඇගේ ක්‍රියාව සමච්චලයට ලක් කරන්නත් පරිසර ප්‍රශ්න වලින් බැටකන දේශපාලන බැලයන් කතා කරන හැටි දැක්කම වමනේ ට එනවා. ඉතින් කොහෙද ජනාධිපති රට හදන්නේ.

:       0       21

eresh S kumara Thursday, 13 February 2020 05:01 AM

වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී නොසිටියහොත් ඊලග ඡන්දයෙන් ඔයා එළියේ. වැඩ පෙන්නුවොත් ඇතුලේ

:       0       7

Chuti Thursday, 13 February 2020 05:33 AM

අර ඔක්සිජන් එපා කියන කෙනාව ඔක්සිජන් නැති තැනකට යවමු.

:       0       17

Rohana Thursday, 13 February 2020 10:09 AM

ඔක්සිජන් නැතිව ජීවත්වෙන අසාමාන්‍ය මිනිසෙක් ලංකාවේ සිටින බව දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ තමයි. මේක ලෝක වාර්තාවක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්
2025 මැයි මස 09 0 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 131 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 728 1

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 190 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා
2025 මැයි මස 09 443 3

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 207 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 10 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site