
(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායිකාවක සහ සංගීත අධ්‍යක්‍ෂකවරියක වූ, අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඉතාලියේ මිලානෝහි මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස සේවය කරමින් සිටි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු එරට දී ඊයේ (17) අභාවප්‍රාප්ත විය.
නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය මේ වන විට මිලානෝ නුවර පිහිටි සැන් රෆායෙලේ රෝහලේ තැන්පත් කර ඇති අතර ඊට අදාළ කටයුතු අවසන් වූ පසුව, ඉතාලියේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් දේහය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස ඇය ඉකුත් 29 වැනිදා වැඩ භාර ගත් බව ද එම නිවේදනයෙහි සඳහන්ය.
නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සිය බලවත් ශෝකය පළ කරන බවත්, ඇගේ පවුලේ සාමාජිකයන් වෙත සාතිශය සංවේගය පළ කරන බවත් එම නිවේදනයෙහි සඳහන්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.