IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිල්ගල රක්ෂිතයේ ගින්නක්

(ප්‍රසන්න පත්මසිරි)

බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය  අද ( 03 ) දවල් පැය තුනක් තිස්සේ ගිනිගැනිම නිසා වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබේ.

බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,

බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,

වල්ඌරන්,මිමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලබ වන සතුන් විශාල

වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසකින් සමන්විත වනයකි.

සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ

ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක

වර්ග විනාශ වී යන බව ගම්වාසීන් කියයි. වනයේ නිතරම ගින්න තිබෙන බවත් සුළං හමන අවස්ථාවලදී ගින්න සීඝ්‍රයෙන් පැතිරී යන බවත් අවට

ගම්වාසීන් කියයි.වසරක් පාසා වනය ගිනි ගැනීම නිසා කුඩුම්බේරිය ශාක හා  අරළු,බුළු,නෙල්ලි ඵලදාව සරු වන බව ගැමියන්කියයි.

 නිතර හටගන්නා ගිනිගැනීම් ඇතැම් අවස්ථාවල ස්වභාවිකවම නිවීයන බවත් සමහර අවස්ථාවලදී පොලීසිය, වන නිළධාරීන් සමග ප්‍රදේශවාසීන් ගින්න නිවන බවත් ප්‍රදේශවාසීන් කියයි.



අදහස් (0)

නිල්ගල රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site