
(නිමන්ති රණසිංහ)
ජපානයේ තෝකියෝ නුවරදී ලබන ජුලි 23 වැනිදා පැවැත්වීමට නියමිත “2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ” බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ටී. නෙල්කා ශිරෝමාලා සුදුසුකම් ලබා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මෙම නිලධාරිනිය ශ්‍රීලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරිය වීමේ ගෞරවය ද හිමිකර ගෙන ඇති අතර, 2017 වර්ෂයේදී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරියට හිමි සම්මානය ද හිමිකරගත් එකම ආසියානු කාන්තාව ද වීම විශේෂිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි.. ආඩම්බරයි.
ඔබතුමියගේ නම තවත් දිනේවා...!!! ඒ වගේම මම තමයි ඕක කළේ.. කියලා නම ගාවන්න අයත් ඉන්නවා.
සුබ පැතුම් සහෝදරිය