(රංජිත් රාජපක්ෂ)

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන  පාසලක සිසුන් පිරිසකට  පන්ති පැවැත් වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුලපතන පොලිසියේ නිලධාරින්  දැඩි ලෙස අවවාද කර මුදා හැරියේය.

එම පාසලට ළමයින් කැදවා පාසල තුළ පන්ති පවත්වන බවට දිඹුලපතන පොලිසියට ලද තොරතුරක් මත දිඹුලපතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විට පාසලට පැමිණි සිටි ළමයින් අතුරු මාර්ග ඔස්සේ නිවාස කරා ගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියයි.

වතුකරයේ ප්‍රධාන නගරවල ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට රහසිගතව ළමයින් පාසල වෙත කැදවා පන්ති පවත්වන බව ගුරු වෘත්තිය සමිති කියා සිටියේය.