( රංජිත් රාජපක්ෂ )
නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එමෙන්ම ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමට තිරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික , නුවරඑලිය දිස්ත්‍රික් ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
මන්ත්‍රිවරයා පදිංචි තලවකැලේ මඩකුඹුර නිවසේ ස්වයං නිරෝධනයේ යෙදෙමින් දුරකථන ඔස්සේ මාධ්‍යයට අදහස් දක්වමින් මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා ඒ බැව් පැවසිය.
ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍යය අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඒ පිලිබදව පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර ප්‍රභුවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි විම නිසා ප්‍රභුවරුන් කිහිප දෙනෙකු සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධනයට යොමු කර ඇති බව මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රිවරයා කියා සිටියේය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාට පක්ෂයේ පුර්ණ බලතල ඇති නිසා කදිර් සෙල්වම් සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින කදිර් සෙල්වම් මහතාට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවත් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ ස්වයං නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසු කදිර් සෙල්වම් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා සහ තමන්ගේ ස්වයං නිරෝධායන කටයුතු 2021.01.03 දින අවසන් විමට නියමිත බව මන්ත්‍රිවරයා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායන නීති කැඩු අගරපතන ප්‍රා. සභාපතිගේ සේවය තාවකාලිකව අත්හිටුවයි
Lankikaya Thursday, 24 December 2020 12:07 PM
මා නොදන්නා නිසයි අහන්නේ.. නිරෝධායනය සදහා ලොක්ඩවුන් කළ ප්‍රදේශයක නිලධාරීන්ට මහජන පීඑච්අයි වරුන්ට නොදන්වා බාහිර ප්‍රදේශවල සේවය කිරීම බාධාවක් නොවෙද?