(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන මස 1 වැනිදා අලුයම 4.00ටය.
ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වැනිදාය.
COMMENTS
ලංකාවේ නිරෝධායන ඇඳිරිනීතිය යනු කඩේ දොර බාගයක් වසා බඩු විකිණීම, බැරිවෙලාවත් චෙක් කලොත් පෙන්වීමට බොරු අත්‍යවශ්‍ය සේවා ලියුම් හදාගෙන තමන්ගේ ගමන් යාම සහ පාරේ බස් සහ භාණ්ඩ ප්‍රවාහන නැව් ගමන් නොකිරීමයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් දත්ත එකතු කිරීමේ දුර්වලකම නිසා මුලු රටම අසරණ වෙලා. නැත්නම් අඩුතරමින් අවධානම අඩු දිස්ත්‍රික්කවල යම් ලිහිල් කිරීමක් කරන්න තිබුනා. ඒගොල්ලන්ට තිබෙන එකම විසඳුම කොරෝනාවට බයේ හැංගිලා සිටීම.
මහජන උද්ගෝශන නැවැතිවීමටයි මෙයට මූලික හේතුව.
දික් කරන්න එහෙම එකක් දැනට තියෙනවද.?
මෙම ලෝක් ඩවුන් කිරීම කුලී වැඩ කරන මිනිසා ගෙදර රැදවීමක් පමණි .අන් සියලු දෙනාට ඇඳිරි නීතියක් නොමැත
කරුණාකර ආගමික ස්ථානවලින් උදේ, සවස කරන ලවුඩ්ස්පීකර් හිරිහැරය නවත්වන්න..! පොඩි දරුවන්, වැඩිහිටියන් හරියට පීඩා විඳිනවා. මහ පාන්දර උඩ විසික්කා වෙලා ඇහැරෙන්නේ. හවස් වරුවම ඉවරයි. ඇඳිරි නීතිය නිසා අපි ගෙවල්වලට හිර වෙලා ඉන්න වෙලාවේ ආගමේ නාමයෙන් හිරිහැර කරන්න එපා..!!!
ඕකේ ඉන්න සේරම උන්ට අජරාමර නිවන් සම්පත් ලැබේවා ,මේ මිනිස්සු ටික කාලා බීලා දුකින් සිටිනවානම් ඒ ඇති
මෙතෙක්කල් ඇඳිරිනීතිය අවසන් වුනේ සඳුදා දිනක වුවත් මෙවර සිකුරාදා දිනක වීම තවත් දින දෙකක් ඉදිරියට ඇඳිරිය පවතිනවා යැයි නොකියා කීමකි.
ඉන්ධන හිඟය සහ මහජන විරෝධයන් ආණ්ඩුවට තදින්ම බලපාලා වගේ, හැමදාම වහගෙන ඉන්න අමාරුයි. හැබැයි වහලද, ඇරලාද කියලා මිනිස්සු දන්නේ නැහැ.. නිකන් ඇරලා වගේ තමයි.
මේකෙන් අවංකවම පහර වැදිලා කරකියාගන්න දෙයක් නැති වෙලා ගෙවල්වලට හිරවෙලා තමන්ගේ අත්‍යාවශ්‍ය කටයුතු කරගන්න බැරිව අමාරුවේ වැටිලා ඉන්නේ ඉතාමත්ම සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ අත්‍යාවශ්‍ය කටයුතු ආණ්ඩුවට සහ පොලීසියට කිසිම වටිනාකමක් නැහැ. නමුත් ලොකු ලොක්කන්ගේ කිසිම තේරුමක් නැති ගමන් බිමන් පුදුම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වෙලා...