(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ.
නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරු ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ ආරම්භක අවස්ථාවේ ප්‍රතිඵල පමණක් බවත් පෙන්වා දෙති.
රට ‘කොවිඩ්’ රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රැගෙන ඒම සිය සංගමයේ ඉලක්කය බවත් විශේෂඥා වෛද්‍යවරු එහිදී වැඩි දුරටත් පවසති.
COMMENTS
අමාරුවෙන් හරි තව ටිකක් ඇදගෙන ගියානම් හොඳයි වගේ. ලබන මාසෙ මුල වෙනකොට එන්නත් කරණයත් වැඩිපුර කෙරිලා තියෙයිනෙ. ආයෙ වැඩි වුණොත් එහෙම හරිිම කරදරයක්
දාන්න පුළුවන් නීති ටික එක දිගට ප්‍රයෝජනය වන විදිහට පනවා මේ වසංගතය තුරන් කළයුතුයි. නැති ආර්ථිකය නෑම තමයි. එය හදන්න පුළුවන් ජගතෙක් දැනට දක්නට නැත...
අමු කැවිලද ?
මෙයාලට මොකද පඩියයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් සල්ලි දෙකම ලැබෙනවනේ .අනේ මෙහෙම මිනිස්සු
ඇඳිරිනීතිය දැම්මත් හැමෝම පාරේ.
රජය බිහිරි සහ ගොළුයි!
ඔවුන් ප්‍රවීණයන් ය. ඔවුන්ගේ හට රජය නිසි අවධානයක් යොමු කළ යුතුයි.
බොරදියේ මාළු බාන්න එපා.
ඔය කියන මහ ලොකු ඇදිරි නීතිය කොහේද තියෙන්නේ. එදා වේල හොයා ගන්න අය ගෙවල් වල හිරකර තැබිම මෙම ඇදිරි නීතියේ තේමාවයි.