ඩබ්ලිව්.ඒ. අසේල
කොරියාවේ සිට පැමිණි කලුතර තරුණයකුට ස්වයං නිරෝධනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී හොර රහසින් පැන ගොස් මහනුවර මයිලපිටිය පදිංචි ඔහුගේ පෙම්වතියගේ නිවසේ සිටියදී තලාතුඔය පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
තලාතුඔය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මොහු පිලිබද සොයා බලා ඔහුට මයිලපිටිය නිවසේදී අද සිට දින 14 ක් නිරෝධානයේ යෙදෙන ලෙස තලාතුඔය පොලිසිය හා පදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දුන් බව තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ කිෂාන්ත මහතා පැවසීය.
COMMENTS
පෙම්වතියගේ ගෙදර නැවතිලාම නිරොධායන වෙන්න කිව්වලු බලධාරීන්. ඉබ්බා දියේ දැම්මා වගේනේ.
මේ වගේ අය අල්ලන්න මහන්සි වෙනවට වඩා වෙඩිතියන එක හොඳයි..
ආදරය කොරෝනාවට වඩා බලවත් බව පෙන්වන අවස්ථාවක්...
හිටවනකම් ඉන්න පුලුවන්, තැම්බෙනකන් තමයි ඉන්න බැරි...
එ්කත් එකටම ඇන්නෑවේ කියන්න ඇති!
ඉබ්බා දියේ දැම්මා වගේ ඇති. ගෑනු ලමයාගෙ පවුලේ අයට පව්.
ආදරයට කොයිදෝ බාධා නැත්තේ. ඔබ ලඟදිම එනවාදෝ මේ පැත්තේ... කෙල්ල කියන්න ඇති. ශ්‍රීමතී තිලකරත්නගේ සින්දුව මතක්වුනා.
අඩුම තරමින් පෙම්වතිය කියන අයගේ දෙමව්පියන්ට වත් මොලයක් නැති වුනාද... ?
ගැහැණු ළමයගේ වැඩිහිටියන්ට නීතිය ක්‍රියාත්මක කරන්න... අපේ ජීවිත අනතුරේ දැම්මට.. දෙමව්පියන් කොරියන් සල්ලි වලට වහල් වුණාද? ලැජ්ජයි.
ඇයි, අනෙකුත් අයගේ ජිවිත අනතුරේ දැමුවාට දඩයක් හෝ දඩුවමක් නොමැතිද? අඩු ගනනේ පෙම්වතියට හෝ ඇයගේ භාරකරුවන්ට හෝ අවබෝධයක් නැත්ද?