(ඉන්දිකා රාමනායක)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 298 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයෙන් බවත් එම පිරිස 63 දෙනකු බවද පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 48542 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අතරින් 41000 ට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ පසු මෙම සෙසු පිරිසට ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා බොරුවට මුවාවෙලා ජනතාව මර්දනය වහාම නතර කරන්න... මුල ඉඳන්ම කිව්වේ කොරෝනා වලට කඩේ යන්න එපා කියලා... කට කහනවට නෙමෙයි. මේකෙන් විශාල මුදලක් ආණ්ඩුවට ලැබෙනවා..