(ඉන්දිකා රාමනායක)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 149 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 52000 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතරින් 45000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.