(කේ බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින් නිරෝධායනයට හංවැල්ල ඉහළ හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි කාමර 15 කින් සමන්විත තම නිවාඩු නිකේතනය නොමිලයේම ලබා දීමට හංවැල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම නිරෝධායනයට ලක්වන පිරිස් වෙත අවශ්‍ය ආහාර පාන ඇතුළු සියළු පහසුකම් ලබා දීමට ඔහු එකඟ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා ප‍්‍රමුඛ නිලධාරීන් එම ස්ථානය නිරෝධායනය සදහා ලබා ගත හැකි ද යන්න පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කළ බවද එම අමාත්‍යාංශය පවසයි.
නිවාඩු නිකේතනයෙහි එක් එක් කාමර සඳහා වැසිකිලි සහ ස්නාන පහසුකම් සමගින් සියළු පහසුකම් වලින් සමන්විත අතර උත්සව සඳහා භාවිතා කළ පරිශ‍්‍රයේ ද තවත් කාමර ගණනාවක් ඉදිකර පරිහරණය සඳහා භාවිතා කළ හැකි බවද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා මෙසේ පැවසීය.
ව්‍යාපාරික පි‍්‍රයන්ත මහතාගේ දැනුම්දීමට අනුව අපි මූලික පරීක්ෂණ කටයුතු සඳහා අද දින එහි ගියා.ඇත්තෙන්ම මෙය මහා සත් කි‍්‍රයාවක් මේ ආකාරයෙන් ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙලා තම ධනය හා දේපල පරිත්‍යාග කරමින් ශී‍්‍ර ලාංකීය ජනතාව කොවිඩි 19 රෝගයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.
එහිදී අදහස් පළ කළ ව්‍යාපාරිකයකු වන එච්.ඩි.ආර්. පි‍්‍රයන්ත මහතා මෙසේ කීය.
‘මම ගැන හිතන්න ගත්තේ හැදල ලාදුරු රෝහල අසල සිදු වූ සිද්ධියත් සමඟ අපි ඒ තත්වයට වැටෙන්න හොද නෑ. අපි ශී‍්‍ර ලාංකිකයෝ කියන්නේ හොදට ආගන්තුක සත්කාර දන්න රටක් අපේම සහෝදරයෝ තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඒ අයව බලා ගන්න ඕනෑ. ඒ ගැන හිතලා මගේ මේ නිවාඩු නිකේතනය නිරෝධායන කටයුතු සදහා ලබා දීමටත් ඒ අයගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දීමටත් මම තීරණය කළා.’


COMMENTS
මෙන්න නියම ශ්‍රී ලාංකිකයන්... අපිත් කැමතියි කොයි ආකාරයකට හරි උදව් කරන්නට. රජය විසින් ස්වේච්ඡාවෙන් උදව් කරන්නන්ට ක්‍රමවේදයක් සැලසුවොත්, දහස් ගණනක් ලාංකිකයන් උදව් කරයි.
අගය කළයුතු උතුම් ක්‍රියාවකි.
දැන් හංවැල්ලේ කට්ටිය එළියට බහියිද දන්නේ නැහැ ?
මිනිස්සු අතර ඉන්න සැබෑ දෙවිවරු.
ඔබේ යහපත් චේතනාව ඔබව යහපත් ජීවිතයකට ගෙන යාවි. මේ ක්‍රියාව විශාල දානමය පුන්‍ය කර්මයකට වඩා විශාල යයි මම සිතමි. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා !
ඔබට ගොඩක් පින් ! ඔබේ තීරණයට හිස නම ආචාර කරනවා.
මෙන්න මිනිස්සු. ඉතාමත් හොඳ ක්‍රියාවක්.
මෙන්න නියම ලාංකිකයෙක්. ඔබට අපගේ හදපිරි සුබ පැතුම්! ඔබගේ ව්‍යාපාර කටයුතු තවතවත් දියුණු වේවා ! නිරෝගිමත් දීර්ඝායුෂ හිමිවේවා !
ඔබට මගේ හද පිරි උත්තමාචාරය. ඔබ දිනෙන් දින දියුණුවට පත්වේවා !
නියම ශ්‍රී ලාංකිකයෙක්. බොහෝම ස්තූතියි.
විශිෂ්ඨ සත් ක්‍රියාවක්.
ආඩම්බරයි ප්‍රියන්ත අයියා.
ඇත්තෙන්ම අප ඔබගේ තීරණය අවංකවම අගය කරන්නෙමු. මබට හොඳක්ම වේවා !!! ඔබගේ සියලු ප්‍රාර්ථනා සපල වේවා !!!!
අති විශිෂ්ට පුද්ගලයෙක්. ඔබ සදහටම නිරෝගී ධනවත් පින්වන්තයකි.
ඔබතුමාගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වෙන්න ඕන. ජයවේවා ! ඔබට තෙරුවන් සරණයි ! මේ එක්කම මතක්කරන්න ඕන අර මල්වානේ අයිතිකාරයෙක් නැති බංගලාවක් තිබ්බ ලොකු ඉඩමක්. ඒකත් යොදාගන්න රජය කටයුතු කරන්න වහාම ගුවන්තොටුපළට ළගත් එක්ක.
සමහරු විරෝධතා පෙළපාලි යද්දී ප්‍රියන්ත මහතා කළ මේ පරිත්‍යාගය වෙනුවෙන් ජාතියේ කෘතඥතාවය ඔහුට ලැබිය යුතුමයි. සෞඛ්‍ය ලොක්කෝ මේක ස්ථානය සුපිරි රෝගීන්ට වෙන්කරන්න එහෙම හිතන්නේ නැතුව ප්‍රියන්ත මහත්තයා කියනවා වගේ අපේම සහෝදරයන්ට භේදයක් නොබලා ලබා දෙන්න කටයුතු කරන්න.
මුහුණෙන්ම පේනවා. කරුණාවන්ත මහත්මයෙක්.
ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා ! නිරෝගිමත් වේවා ! දීර්ඝායුෂ හිමිවේවා !
මහත්මයා, ඔබේ ක්‍රියාව සත්ක්‍රියාවකි. නමුත් ඔබ කරන දෙයින් ඔබට හොඳක් අහන්න ලැබෙයිද? මොකද අපේ මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ තරු පහේ හෝටල් නිසා.
මේ ආත්මයේ පින් එකතු කරගන්න හිත පහළ වෙන්නේ මතු භවයක බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලබන පින්වතුන්ටයි.
මහත්තයා, ඔය වැඩේට කැමති වෙලා තැන දුන්නට, වට පිටාවේ කට්ටිය ගේම ඉල්ලයි. ඊට පස්සේ අායිමත් මඩකලපු තමයි නවතින්නේ. මේ වගේ රත්තරන් මිනිස්සු අගය කරන්න ඕනේ.
ඇයි මල්වානේ මන්දිරය ? ඒකට අයිතිකාරයෙක් නැහැනේ. නමුත් හැදුවේ අපේ සල්ලි වලින්.
මෙන්න මිනිස්සු...
අද කාලෙ හැටියට විශ්වාස කරන්නත් අමාරුයි. ගොඩක් පින්...!
මෙන්න නියම සිංහලයෝ. ඔබේ සත් ක්‍රියාව ඉතාම ඉහලින් අගය කරනවා. ආණ්ඩුවටම මේක බාර දීලා විවේචනය කර කර ඉන්නේ නැතුව මේ වෙලාවේ කොරෝනා නිරෝධන කටයුතු වලට හැකි උපරිම අයුරින් සහයෝගය දීම අපි හැමෝගෙම යුතුකමක්. ඔබ ගැන ආඩම්බරයි ප්‍රියන්ත මහත්මයා.