හිරාන් ප්‍රියංකර ජයසිංහ
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (23) දින පැවසිය .
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට 22 දින ඇතුලත් කර තිබුනී.
එහිදි අදාල පිරිසගෙන් පි.සි.ආර්.පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.
එම පරික්ෂණ වාර්තා අද (23) උදෑසන පුත්තලම මුලික රෝහලට ලැබි තිබුනී.
කෙසේ වෙතත් මෙම තත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමින සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත යාම සම්පුර් ණයෙන් නවතා තිබු අතර ඔවුන් ආරක්ෂීත ලෙස නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර ඇත.
මේ පිළිබදව කල විමසිමේදි නොරෝච්චෝල ලක් විජය බලාගාර කළමණාකාර ඉංජීනේරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා සිටියේ මෙවැන්නකී.
“ අදාල පරික්ෂණ වලට යොමු කල කිසිවකු කොරෝනා රෝගින් නොවන බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වි තිබෙනවා .නමුත් කිසිම අයුරකින් මේ සිද්දිය මුල් කරගෙන බලාගාරය තුළ විදුලි නිෂ්පාදනය අඩාල විමක් සිදුවුයේ නැහැ .ඊයේ 22 දින සේවයට පැමිනි 600 කට ආසන්න පිරිස් නැවත අද දවසේ රාජකාරි අවසන් විමත් සමග නිවෙස් වෙත යැවිමට කටයුතු සලසනවා යැයි ඔහු පැවසිය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නොරෝච්චෝල ලක් විජය සේවකයින් කොරෝනා ආසාදිතයින් නොවෙයි
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 08:35 AM
අනේ, මොනතරම් සතුටක්ද? අප බයෙන් සිටියේ. බුදු සරණයි! සියළු දෙවි පිහිටයි!
Akila Saturday, 23 May 2020 04:21 PM
පුදුමයි නේද? කොරෝනා ලක්ෂණම තියන වෙන ලෙඩත් මතුවෙනවා එක පාරටම...