(ඩයනා උදයංගනී)
හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය අලුත් වැඩියා කර අද (25) යළිත් විදුලි උත්පාදන කටයුතු සඳහා යෙදවූ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.
මෙම විදුලි උත්පාදන යන්ත්‍රයෙන් අද (25) පස්වරුව වන විට මෙගාවොට් 100 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරමින් තිබූ බවත් එය ක්‍රමානුකූලව උපරිම විදුලි උත්පාදන ධාරිතාව වන මෙගාවොට් 300ක් නිපදවීමේ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පළමු බලාගාරය බිඳ වැටුණු අවස්ථාවේදී මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඒ ගැන සොයාබලා කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව එම නිලධාරියා කීවේය.
එම බලාගාරයේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ඇතැමුන් පැවසුවද එවැන්නක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මේ වන විට නැතැයි ද හෙතෙම කියා සිටියේය.
බලාගාරයේ විදුලි උත්පාදන යළිත් ක්‍රියාත්මක බැවින් පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව විදුලිය සැපයීමේ හැකියාව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි.
මේවා ඉදිකරලා අවුරුදු 10ක් වත් නැහැ. දිගින් දිගටම මේ විදිහට අක්‍රීය වෙන්නේ මොකද? මේකට විරුද්ධව ඉදිකරපු සමාගමට විරුද්ධව නඩුමගට බැහැලා අලාභ ඉල්ලා ගන්න බැරිද...?
නොරොච්චෝලේ හදපු දා පටන් කරච්චලේ...
ඒකත් කොමිස් කාකන්ගේ ගේමක්ද ? අපිට දැනගන්න ලැබුණු විදියටනම් ඔය බලාගාරය නිවෙන්නම සෑහෙන දවසක් යනවා. ඇමතිතුමා සොයා බැලුවා ඉක්මනටම දෝෂය නිවැරදි කළා කියන්නේ? ඒ කියන්නේ ඇමතිගේ පඩුපුල් ආසනේ රත් උනා බලාගාරේ ඉක්මනින්ම නිමුනා. හරි........... ෂෝක් නේද අනේ.....
වාතය විෂ කරනවා.