IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නරක් වූ පලතුරු යොදා බීම සැකසූ අවන්හල් 2කට දඩ

(ජයන්ත සමරකෝන්)
 
පිටකොටුවේ ඉවත දමන නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් දෙකක හිමිකරුවන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් 5,000 බැගින් දඩයක්ද නියම කර, දැඩි ලෙස අවවාද කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික ආහාර පරීක්ෂණ ලාල් කුමාර මහතා පැවසීය.
 
නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල්  වැටලීම සඳහා කොළඹ මහනගර සභාව ආරම්භ කළ මෙහෙයුමකදී, කොටුව දුම්රියපළ ඉදිරිපිට පාලම යට පවත්වාගෙන ගොස් තිබූ මෙම බීම අවන්හල් හඳුනාගෙන නඩු පැවරූ බවද ඒ මහතා කීය.
 
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාට ලැබී තිබූ පැමිණිලි ගණනාවක් මත  ඒ මහතාගේ  උපදෙස් පරිදි පිටකොටුවේ අවන්හල් 40ක් පරීක්ෂා කළ බවද කුමාර මහතා පැවසීය.
 
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පිටකොටුව, ඕල්කට් මාවතේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය හෝටල් 7කට නඩු පැවරූ බවද හෙතෙම කීවේය.



අදහස් (1)

නරක් වූ පලතුරු යොදා බීම සැකසූ අවන්හල් 2කට දඩ

sunil milaano Tuesday, 30 July 2019 08:29 AM

ඇයි දෙයියනේ මෙච්චර ලොකු දඩ ගහන්නේ? මිනිසුන්ට ඔරොත්තු දෙන තරමේ දඩයක් ගහන්නකෝ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 479 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site