(සමන් පාලිත සහ පාලිත ආරියවංශ)

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ  හපුතලේ සහ බෙරගල අතර ස්ථාන කිහිපයක නාය යෑම හේතුවෙන් එම ගමන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබේ.             

ඊයේ (22) රාත්‍රියේ ඇදහැලුණ මහ වැසි හේතුවෙන් මෙම නාය යෑම සිදුව ඇතැයි වාර්තා වේ.                                                  

මේ වනවිට මාර්ගයේ පස් ඉවත් කරමින් පවතී.               

එක් මංතීරුවක වාහන ධාවනය කළ හැකි බව ද හපුතලේ පොලිසිය  පවසයි.                   

දැඩි මීදුම් තත්ත්වය නිසා මෙම මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශම් වන ලෙස පොලිසිය අනතුරු අඟවයි. 

 

(ඡායාරූප - සමන් පාලිත)