IMG-LOGO

නයිට්‍රජන් දියර පොහොර බෙදා හරියි

(ශාන්ත රත්නායක )

මහ කන්නයේ වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, එළවළු හා පළතුරු වගා සඳහා යෙදවීමට ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්‍රජන් දියර ගොවිනට ලබා දිම සඳහා ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදීම අද සිදු කෙරිණි.

එම පොහොර තොගය අම්පාර ,මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භකර ඇති දිස්ත්‍රික්කවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට නියමිතය.

එම පොහොර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතාට නිලවශයෙන් භාරදීය හුණුපිටියේ පිහිටි සි/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේදී අද (20 ) නිල වශයෙන් සිදුකෙරිණි.



අදහස් (9)

නයිට්‍රජන් දියර පොහොර බෙදා හරියි

lakvidu Wednesday, 20 October 2021 05:24 PM

ඉන්දියාවේ ගවමූත්‍ර වලට ලංකාවේ මාකට් එක විවෘත වුණාවද්ද මන්දා?

:       32       13

SarangaWednesday, 20 October 2021 07:49 PM

මේවත් එක්ක බලද්දී ගව මුත්‍රා දාහෙන් සම්පතක්.... මේ පෝර තාම ඉන්දියාවෙත් හරියට ටෙස්ට් කරලා නෑ. මේක තාමත් පරීක්ෂණ මට්ටමේ තියෙන කෘතිම පෝරක්. ඔයිට හොඳයි නොදන්න මඟුල් කරන්න යන්නේ නැතුව ටික කාලෙකට යූරියා පෝර දුන්නා නම්... මුලෙන් අවශෝෂනය කරන්න ඕන එක පත්‍රවලින් අවශෝෂණය කළාම, වෙන්න ඕන දේ හරියටම වෙනවාද? මේ පෝරවලින් නිපද වූ ආහාර මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද? ඒවා හොයලා ඕනෑ ගොවියන්ට පාවිච්චි කරන්න දෙන්න. මේකෙන් වෙන්නේ හොඳ වැඩක්.. නරක සැලසුමකට කරන්න ගිහින් රටේම මිනිස්සුන්ට මේක එපා වෙන එක... මැතිණිත් ඔය වගේම ගොන් වැඩක් කරලා දේශීය නිෂ්පාදන ලංකාවේ මිනිස්සුන්ට තිත්ත කරා...

:       3       5

Senevi Wednesday, 20 October 2021 05:30 PM

හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේවගේ කතාවක් කියූ බව අන්තර්ජාලයේ පළකර තියෙනවා. "ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9ක නැනෝ නයිට්‍රජන් ලීටර් මිලියන 2.1ක් මිල දී ගැනීම යනු "කාබනික වගාව" නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක්... කෘෂි රසායන - රසායන පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර තිබෙනවා. දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයෝ පුච්චන තැනකට වැටුණා. ඇමති කැමති කොම්පැණියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9ක නැනෝ නයිට්‍රජන් ලීටර් මිලියන 2.1ක් මිලදී ගැනීම යනු "කාබනික වගාව" නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක්. පොහොර මිලදී ගැනීමට ඩොලර් නැති නිසා ඇරඹූ ඊනියා ‘කාබනික වගා නාට්‍යය‘ ගොවියා කාබාසිනියා කර, ගොවිතැන විනාශ කර තිබෙනවා. දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරලා, රටපුරා පෙළපාලි, පිකටින්, පඹයින් පුච්චන තැනකට වැටුණා. ගොවියත් විනාශයි. රටත් විනාශයි. හැබැයි ගජ මිතුරෝ විතරක් ගොඩ යනවා." උපුටාගැනීම අවසන්...

:       4       9

Nuwan Wednesday, 20 October 2021 06:32 PM

ඇමැති සහ ලේකම්ගේ හිතුමනාපෙට කිසිම විනිවිද බවක් නැතිව රුපියල් බිලියන 11ක් විතර වියදම් කරලා මේ දහජරාව ගෙනැල්ලා තියෙන්නේ..

:       4       7

Lalith M Thursday, 21 October 2021 07:10 AM

වැරදිලා මිත්‍රයා. ඒ තමා රාජපක්ෂ ක්‍රමය. අනුන්ට වැරැද්ද යන්න තමන් ජරාව කෑම. පරපුරම ඒකට අති දක්ෂයි.

:       1       2

Ranjith Wednesday, 20 October 2021 06:36 PM

"ගනුදෙණුවේ වටිනාකම රුපියල් බිලියන 9 යි. තවත් බිලියන 3 ක මිලදී ගැනීම් සඳහා සුදානම් වෙනවා. අර්බුදයක් ඇති කරලා, රටක් හූරාගෙන කෑමේ ව්‍යාපෘතියට හොඳම උදාහරණයක් තමයි ගොවියාට කාබනික පෙන්නලා වැඩි මිලට බණ්ඩි පොහොර ගෙන්වීම. සීනි ජාවාරම, පොල්තෙල් ජාවාරම වගේම මගඩියක්. මහ කන්නය පටන්ගන්න වල් නාශක නැති කම නිසා නැගෙනහිර, මහවැලි කලාපවල, මහියංගනය කුඹුරු අතහැර දමලා. උඩරට එළවළු වගාව, මල් වගාව සම්පූර්ණයෙන්ම නැවතිලා. හරිතාගාර වහලා දානවා. වල්නාශක ඕනෑ කාලයට ආණ්ඩුව බන්ඩි පොහොර ගෙනැල්ලා ඒවා ගබඩා ගරගෙන ඉන්නවා. එම්.ඕ.පී. MOP පොහොර අවශ්‍ය කිසිම වගාවකට ඒවා නිකුත් කරන්නේ නෑ. කාබනික ලේබලේ ගහලා ආණ්ඩුවේ භාණ්ඩාගාරය හිස්කරලා තියෙනවා. උඩරට ගොවියන් දිලීර නාශක - කෘමි නාශක ඉල්ලනවා. ආණ්ඩුව දෙන්නේ නෑ. වියළි කලාපයට වල් නාශක, කෘමි නාශක ඉල්ලනවා. ආණ්ඩුව දෙන්නේ නෑ. රටම පොහොර ඉල්ලනවා. පොහොර නැතිව දියර පොහොර ගෙනැල්ලා මඩිය තර කර ගන්නවා.හෙට අනිද්දාට, තනි සමාගමකට කෘෂි රසායන ඒකාධිකාරය දෙන්න අවශ්‍ය පරිසරය ගොඩ නගාගෙන යනවා. කිරි පිටි, ගෑස්, සීනි ගන්න වගේම තෙල් බෙහෙත් බෝතලයක් ගන්න පෝලිමේ ඉන්න වෙන යුගයක් හැදෙනවා.ගොවියත් විනාශයි."

:       4       9

wasantha Wednesday, 20 October 2021 06:45 PM

හිස් ප්ලාස්ටික් බෝතල් ටිකම ඇති රට විනාශ වෙන්න..

:       4       15

sumudu Thursday, 21 October 2021 08:53 AM

ලංකාවේ නිෂ්පාදනයක් වගේයැ ..උත්සවාකාරයෙන් බෙදන්නේ ඒක නිසා නේද? 69 ලක්සයේ කෙනෙක් විම ගැන හිතට හරිම ආඩම්බරයක් දැනෙනවා..අපි මේ පොහොර පිට රටටත් යවමු ජනාදිපති තුමනි.

:       1       2

Bamunuarachchi Sunday, 24 October 2021 09:54 PM

උතුරු නැගෙනහිරටත් යවන්න ඒ ගොවියෝ පොහොරවලට කරදර කරන මිනිස්සු නොවෙයි ඒ වගේම වකුගඩු රෝගවලින් පෙලෙන මිනිස්සුත් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site