තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේ අද පස් වැනි දිනටත් ප්‍රකාශ ලබා එම දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දීමෙන් පසුවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස් මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ විය.
මෙම විමර්ශනයට අදාළව රහස් පොලිසිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනක් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබූහ.
පසුගිය සතියේ සදුදා මුල් වරට නාලක ද සිල්වා මහතා රහස් පොලිසියට කැඳවනු ලැබූ අතර ඔහු තම දරුවකුට අසනීප බව කියමින් ප්‍රකාශ ලබා දීමට පැමිණියේ නැත. ඉන් පසු පසුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා, සඳුදා සහ අඟහරුවාදා යන දින හතරේම ඒ මහතා ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය. අද උදේ නාලක සිල්වා මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ පස් වැනි දිනටය.
ඡායාරූප - ඉෂාන් සංජීව



COMMENTS
නිමි ....
මොනවා කලත් ජනතා ඡන්දයෙන් මොවුන්ව මරා දමන එක නම් සිකුරුයි ...........
තිරෙන් පිටුපස සිටින දේශපාලුවෝ කවදද ගන්නේ.............
එහෙනම් වැඩේ බරපතලයි වගේ පෙනෙන්නේ. ‘නාලක - නාමල් හඬපට ගැළපෙයි’ ‘හඬපට 124 න් 123 ක්ම සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා කියයි’ ආදී වශයෙන් ජනමාධ්‍ය ප්‍රචාරය කරයි. ප්‍රශ්නය වන්නේ නාලකගේ සහ නාමල්ගේ හඬ පට ගැලපීම නොව, ඒ හඬ පට වලින් නාලක සිල්වා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කර ඇති බව කියවෙන්නේද යන්නයි. නැත්නම් නාලක සිල්වා සිය ඔත්තුකාරයා චූන් කර තිබෙන ආකාරය සහ පොලිසිය තුළ තිබෙන නිලධාරී ගැටුම මේ සියල්ල තුලින් ග්‍රම්‍ය වෙන්නේද කියා සමහරු ප්‍රශ්න කරති. මේ අතර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ කතාවක් මුලින්ම ප්‍රකාශ කල නාමල් කුමාර යනු ගුවන් හමුදාවේ සිටි අයෙක් බවත් ව්‍යාජ ලේඛන සැපයීම හේතුවෙන් ගුවන් හමුදාවෙන් එළවා දැමූ අයෙක් බවත් ඔහු විසින් ඉදිරිපත් කරන ලද හඬ පට පටිගත කරන ලද දුරකථනයේ හඬවල් සංස්කරණය කරන මෘදුකාංගය ද තිබී ඇති බැවින් එකී හඬ පට පිලිබඳවද විශ්වාසයක් නොමැති බවත් ඩීඅයිජී නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා ඇත.
දුක් වෙන්න එපා හෙට නිදහස් වෙන්න පුළුවන් පවුලේ අයට. ආතතිය. කියන්න
වාස් ගුණවර්ධන නාලක සිල්වා එතකොට කෝ මේ අයව මෙහෙයවපු දේශපාලනඥයන්?මේ ලංකාවේ සිද්ධ වුන හැම කුමන්ත්‍රනයක්ම ජරා දේශපාලනඥයන් මෙහෙයවලා කාගේ හරි ඔලුවට අතඇරලා උන් බේරෙනවා. හරිනම් නාමල් කුමාර කියන පාවදෙන්නත් මේ සමග ඇතුළට දාන්න ඕන.