(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හේමලතා ඩී.හේවාගේ)

ලේලිය සහ නැන්දම්මා  අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් නැන්දම්මා මිය යාමේ පුවතක් ගිරිඋල්ල මතව වැවගම ප්‍රදේශයෙන් වාර්තා වන බව ගිරිඋල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිදිරි මවකි. නිවෙස තුළදී මියගිය මෙම මවගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරික්ෂනයේදී මෙම ඝාතනයක් බවට තහවුරු වීම නිසා සිදු කළ පරික්ෂණවලින් අනතුරුව ලේලිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බෝතලයකින් පහරදීම නිසා මෙම මරණය සිදුව ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇත.