( සුදත් එච්. එම්. හේවා )
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක එහි තිස් දෙදෙනකු (32) එම නිවාස වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දැනට දින ගණනාවක් පුරා මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (09 ) දින මෙම නාය යාම සිදුව ඇති බවත් එම තත්වයන් මත නිවාස හතක පදිංචිව සිට තිස් දෙදෙනකු ආරක්ෂාව සදහා එම නිවාස වලින් ඉවත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම නාය යාම හේතුවෙන් අවතැන්වු තිස් දෙදෙනා මේ වන විට ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල ගොස් ඇති බවත් ඔවුන් අවශ්‍ය පිසු ආහාර එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සපයා දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසීය.
පවතින වැසි තත්වයන් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇතැම් ස්ථානවල නාය යාමේ අවදානම් තත්වයන් පැවතිය හැකි බැවින් කඳු ආශ්‍රිතව සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බවද එම නිලධාරියා තව දුරටත් සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නානුඔය සමර්සෙට් වතුයායේ නාය අවදානමකින් පවුල් 7 ක් ඉවතට