ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
අහංගම, නාකන්දේ නිධානයක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අහංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (19) ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ පොලිසිය තොරතුරු වාර්තාව මගින් (බී වාර්තාව) මගින් ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 28 වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවේ ශ්‍රී ගඟුල යෝගාශ්‍රමය, කොතලාවල, කඩුවෙල වාසි මීතිරිගල සෝරත හිමි, නොන්ඩියා වත්ත,නාකන්ද, අහංගම පදිංචි මාරඹ කොඩිකාර මුනසිංහ හේවගේ බන්දුල, දූනගහ වත්ත,වැලිසර, රාගම පදිංචි අලගියාදුර සදුන් ලක්ෂාන් ප්‍රනාන්දු, දුම්රිය පොල පාර, ගංගොඩවිල, නුගේගොඩ පදිංචි පින්නිපතිනි ආරච්චිගේ අජිත් පීරිස්, සහ ගොන්නගහ හේන, අහංගම පදිංචි බානගල ගමගේ ෂෙල්ටන් උදය කුමාර නැමැති විත්තිකරුවන් වෙති.
අහංගම පොලීසිය විසින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පුරාවිද්‍යා පනත යටතේ සිදුකල වැරදි සම්බන්ධයෙන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගෙ පවුල් පිටින් විනාශ වෙලා කොරෝනා හැදිලා මැරුණත් වැඩිකල් යන්න ඉස්සර විනාශ වීමත් අනිවාර්යයි. එහෙම වුණොත් සොබාදහම, ධර්මය, කර්මය බොරු.
බෞද්ධ හිමිනමක් වැරද්දක් කලොත් නමත් එක්ක ඔක්කොම විස්තර දාන්න ඔබ තුමාට පුළුවන් වගේම, අනෙකුත් ආගම් වැරදි කරනකොට මේ වගේම විස්තර දාන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
හිමිනමක් නොවෙයි. චීවර ධාරියෙක්. මේ පිටුවේම ඕමල්පේ හිමිගේ ලිපිය බලන්න. සරල දිවියක් ගැන කියන. මේ චීවරධාරියා අපරාධ කාරයින් එක්ක හවුලේ මේ සොයන්නේ ධනය. සරල බව නොවේ සැප සම්පත් අනිසි මගෙන්. පින් බිම් වලින් මේ මගෝඩි චීවරධාරීන් පන්න දමන්න ගම වැසියෝ දැනගන්න ඕනේ.
මම දන්නේ නැති නිසා අහන්නේ ඔය අධිකරණ සංඝනායක හිමිවරුන්ගේ කාර්යභාරය කුමක්ද මෙවැනි නොහොබිනා වැඩ කරන අයට දෙන දඬුවම කුමක්ද
මෙම පුවතට පාදක වූයේ ඊයේ (2020.04.19) ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් අධිකරණ නියෝගය බව පළමුව සඳහන් කරමි. එම ප්‍රවෘත්තිය මාධ්‍යකරුවෙක් හැටියට නිවැරදිව වාර්තා කිරීම මා විසින් සිදුකරණු ලැබුවේ වෘත්තීය ආචාර්ය ධර්මවලට එකඟව බවද අදාල අයෙකුට දන්වා සිටින්නෙමි. මෙම ප්‍රවෘත්තියට අදාලව මා වෙත නගන ලද අවලාද සහ චෝදනා යනාදිය මා විසින් කිසිසේත් භාර නොගන්නා අතර එම අවලාද සහ චෝදනා මාහට අදාල නොවන බවද සඳහන් කරමි... මා සිදුකරණු ලැබුවේ මාධ්‍යකරුවෙක් හැටියට අදාල ප්‍රවෘත්තිය නිවැරදිව සහ අපක්ෂපාතිව වාර්තා කිරීම පමණකි. එහි ආගම් බේද වැනි බේද කිසිවක් නොමැති අපක්ෂපාති ප්‍රවෘත්තියක් බවද වැඩිදුරටත් අදාල අයවෙත දන්වනු කැමැත්තෙමි....