IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නිදහස් දින සැමරුම ජාතික දින සැමරුම ලෙස නම් කරයි

(නිමල කොඩිතුවක්කු)

ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ නිදහස් දිනය සඳහන් වන්නේ ජාතික දිනය ලෙස බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

     ‘‘නිදහස් දිනය හඳුන්වන්නේ ජාතික දිනය ලෙයසි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ ජාතික දිනය ලෙස තමයි එය සඳහන් වෙන්නේ. එහි තිබෙන්නේ නැෂනල් ඬේ යනුවෙන්. එහෙම නැතුව ෆ‍්‍රීඩම් ඬේ නෙමෙයි. ඒක තමයි අපිත් භාවිතා කළේ.  මේ ගැන  විශාල ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  අටවැනි වගන්තිය අනුව මෙය නිවැරදියි’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (10)

නිදහස් දින සැමරුම ජාතික දින සැමරුම ලෙස නම් කරයි

asanka Wednesday, 23 January 2019 05:38 PM

ඔන්න දැම්මම මැතිවරණ පරාජය පෙන්නුම් කලා

:       46       118

d.upul Wednesday, 23 January 2019 06:40 PM

ඇති යාන්තං....අපිට තිබුණු ලොකුම ප්‍රශ්නය විසඳුනා.

:       0       618

Raveendra Thursday, 24 January 2019 02:36 AM

මුහුනෙන්ම පේනවා වංකව ද අවන්කවද ක්‍රියා කරන්නේ යන්න.

:       0       71

sam Thursday, 24 January 2019 05:04 AM

ඒ කියන්නේ අපි ජාතියක් වශයෙන් පිලිගැනුනේ 04/02/1948 දා ඉඳලා කියලද ??

:       0       106

සේන Thursday, 24 January 2019 05:15 AM

ජාතියට තියෙන ප්‍රශ්නය වර්ථමාන පාලකයා ගැන තියෙන සැකයයි.ඔවුන් රටට , ජාතියට සෙතක්වන දෙයක් කරයි ද ?

:       0       109

asoka Thursday, 24 January 2019 06:27 AM

ලැජ්ජයි ලගදීම රටේ නමත් මාරු කරන්න යනවා කියලත් දන්නවා.

:       32       113

නිමල් Thursday, 24 January 2019 07:41 AM

දැන් අපිට නියම නිදහස තියෙන නිසා උත්සව දවසේ නම වෙනස් කරන්න හිතෙන්න ඇති එතුමාට. ලොකු සේවයක්නේ එතුමා කරලා තියෙන්නේ. මෙවන් නායකයෝ පහල වෙලා තියෙන්නේ අපේ වාසනාවට මිසක් වෙන මොකටද? අනේ වාසනාවන්!

:       0       14

සමන්ත Thursday, 24 January 2019 08:23 AM

මම දන්න විදිහට ජාතික දිනය කියලා සැමරුවේ අපි සම්පූර්ණයෙන් සුද්දගෙන් නිදහස් වුණු මැයි 22. හරි විදිහට අපගේ නිදහස් දිනයද විය යුත්තේ මෙදිනයි.. මෙම දිනය සැමරීම එජාපය අකමැති විය එයට හේතුව බණ්ඩාරනායකලා එක්ක තිබ්බ වෛරය.. නමුත් ඇත්තටම අපි නිදහස් වුනේ පෙබරවාරි 4 නොවේ.. මැයි 22... එදින තමයි සිංහලයින්ට සිංහල රට අහිමි වූ දා.. ඉංග්‍රීසියෙන් සිලෝන් කිව්ව සිංහල ර⁣ට ශ්‍රී ලංකා වුනේ එදා...

:       1       115

AnandaThursday, 24 January 2019 09:35 AM

1000% ඇත්ත.

:       0       2

ධනුෂ්කThursday, 24 January 2019 11:41 AM

පෙබරවාරි 4 අපි අර්ධ ස්වාධීනත්වයක් ලබපු දවස. අපේ ජාතික වීරයන් මේ රට නිදහස් කර ගන්න දහස් ගණනින් ජීවිත කැප කළා. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පසු බලවත් සෝවියට් දේශයේ හා අැමරිකාවේ බලපෑම් අැතුලු කාලීන ලෝක තත්වයන් මත සුද්දෝ අප රට අැතුළුව රටවල් ගණනාවක් පාලනය..., කලු සුද්දන් අතට ලබා දී යන්න ගියා. හැබැයි එම කලු සුද්දන් රටේ ජනතාවට කියන්නේ තමන් නිදහස දිනාදුන් බව. දේශපාලනික වශයෙන් අපේ රට නාමිකව නිදහස් නමුත් ජනතා වශයෙන් අපි. අාර්ථිකවත්, මේ පාදඩ දේශපාලකයන්ගෙනුයි, කුඩු මුදලාලිලාගෙනුයි, පාතාලයන්ගෙනුයි. නිදහස් වෙලා නෑ. සුද්දා හදලා ගියපු තෙල් ටැංකි ටික කැලේට යට වෙලා. රේල් පාරවලුත් වහලා දාලා. අවුරුදු 70ටම අලුතින් හැදුවේ කිලෝමීටර් කීයද? 1996 සුද්දෝ හොංකං චීනෙට බාර දීලා ගියා. දැන් කොහොමද එ් රටවල්? අැත්තටම අපි නිදහස්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 363 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site