(සිතුම් චතුරංග)
පුදුකුඩිරිප්පු මූංගිල්ලාරු හි 13 හැවිරිදි යෝගරාසා නිදර්ශනී දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ දැරියගේ මව , පියා සහ සහෝදරිය පැය 48ක් රඳවා ප්‍රශ්නකරන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සරවනරාජා මහතා අද 24 සවස පොලිසියට අවසර දුන්නේය
පසුගිය 13 වැනිදා දැරිය නිවසින් අතුරුදහන්ව සිටි අතර දින පහකට පසුව නිවස ආසන්නයේ තිබියදී දැරියගේ සිරුර පොලිසිය විසින් සොයාගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී මව ඇතුළු පවුලේ පිරිස විසින් මෙම ඝාතනය සිදුකොට ඇති බවට අනාවරණයවූ බවද පොලිසිය අධිකරණයට දැණුම්දුන්නේය.
එලෙස සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබුවේ මුලතිව් ල මුංගිල්ලාරු පදිංචි දැරියගේ මව වන යෝගරාසා සුමන්දිරා ල පියාවන ආරුමුගම් යෝගරාසාල දැරියගේ වැඩිමහල් සොහොයුරියවූ යෝගරාසා යෝගේෂ්වරී නැමති අයවලුන් වෙති.
දැරියගේ සහෝදරියගේ සැමියා වන එබ්‍රහම්ලිංකන් ක්‍රිශ්නදීපන් නැමැත්තා දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවටගෙන තිබේ.
මරණය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ මියගිය දැරියගේ සහෝදරියගේ සැමියා විසින් දැරිය අපයෝජනය කර ඇති බවත් එම හේතුවෙන් දැරිය මිය යනවිට මාස දෙකක ගැබිණියක්ව සිට ඇති බවත්ය.
දැරියගේ මව විසින් නීති විරෝධී ගබ්සාවක් සිදුකිරීමේ අරමුණින් ලබාදුන් දියරයක් පානය කිරීමෙන් දැරිය මියගොස් ඇති බවත් පියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවූ බවත්ය.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දැණුම්දුන්නේය.
පුදුකුඩිරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිදර්ශනීගේ මව-පියා-සහෝදරිය ගෙන් ප්‍රශ්න කරන්න නියෝග