(තිළිණි ද සිල්වා)
සිය පත්වීමට අදාළ අක්ත පත‍්‍ර බාර දුන් ඉකුත් 03 වැනිදා සිට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සුමිත් නාකන්දල මහතා සේවය කරන බවත් , සුවිශේෂී තත්ත්වයන් යටතේ ලබන 16 වැනිදා තෙක් එරට රැඳී සිටීමට නෙදර්ලන්ත රජය හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එම්.ජේ.සාදික් මහතාට අවසර ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
‘‘ නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරු දෙදෙනෙක් ’’ යන මැයෙන් අද (08) පළ වූ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව කියා සිටි.
විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙනුවට මහජන රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘ අනපේක්ෂිත හා හදිසි තත්ත්වයන් හේතුවෙන් නෙදර්ලන්තයේ සිය වැඩකටයුතු අවසන් කිරීම සඳහා තමන්ට මාසයක සේවා දිගුවක් අවශ්‍ය බව නෙදර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ඒ.එම්.ජේ.සාදික් මහතා දැනුම් දී තිබිණි.
මෙම ඉල්ලීම කෙරෙන අවස්ථාව වන විට අභිනවයෙන් පත් කරනු ලැබූ තානාපති සුමිත් නාකන්දල මහතා ජුනි 30 වැනිදා නෙදර්ලන්තය බලා පිටත්ව යෑම සඳහා කටයුතු සූදානම් කර අවසන්ව තිබූ අතර අක්තපත‍්‍ර පිළිගැන්වීමේ දිනය ලෙස පසුගිය 03 වැනිදා නෙදර්ලන්ත රජයෙන් ලබා ගෙන තිබිණි.
නාකන්දල මහතාගේ රාජකාරි බාර ගැනීම සහ අක්තපත‍්‍ර පිළිගැන්වීම ප‍්‍රමාද කළ නොහැකි වූ හෙයින් එවකට සේවයේ නියුතු තානාපති සාදික් මහතාට එක් මසක පෞද්ගලික නිවාඩු ලබා ගැනීමට අවසර ලබා දුන් අතර ඒ මහතාගේ පෞද්ගලික බඩුබාහිරාදිය සිය රටට පටවා යවන තෙක් නිල නිවසේ තිබෙන්නට ඉඩ හැරිණි.
නිලධාරීන් දෙදෙනාම අපහසුතාවයට පත් නොවන ඔවුන් දෙදෙනාගේම හිත සුව පිණිස වන වැඩපිළිවෙළකට අනොන්‍ය වශයෙන් එකඟවන ලෙසට නාකන්දල හා සාදික් යන මහත්වරුන්ට උපදෙස් දෙන ලදී.
මෙම තත්ත්වය යටතේ නාකන්දල මහතා ජුනි 30 වැනිදින නෙදර්ලන්තය බලා පිටත්ව ගිය අතර ඉකුත් 03 වැනිදා සිය අක්තපත‍්‍ර බාර දුන්නේය.හිටපු තානාපති සාදික් මහතා නිල නිවසේ රැඳී සිටින හෙයින් නාකන්දල මහතා වෙනත් ස්ථානයක වාසය කිරීමට කටයුතු කර ඇත.
පසුගිය 03 වැනි දින සිය අක්තපත‍්‍ර බාර දුන් තැන් පටන් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වනුයේ සුමිත් නාකන්දල මහතාය.මෙම සුවිශේෂී තත්ත්වය යටතේ ලබන 16 වැනිදා තෙක් නෙදර්ලන්තයේ රැඳී සිටීමට එරට රජය හිටපු තානාපති සාදික් මහතා අවසර ලබා දී ඇත.
COMMENTS
රටේ සල්ලි කාබාසිනියා කරන්න දේශපාලකයන් වගේම නිලධාරීන් ලංකාවෙන් සොයාගන්න පුළුවන්. ඔන්න අපේ විදේශ තානාපති සේවය...
මොනවද මේ ආණ්ඩුවවත් නොදන්න ඉවරකරගන්න බැරි රාජකාරි?
තානාපති සේවය යනු අහිකුණ්ඨක ජීවිතයකි.
අලුතින් පත්වුණු තානාතිපතිගේ පත්වීම පාර්ලිමේන්තු අනුකමිටුව අනුමත කළ බව පුවත් පලවී දැනට කොපමණ දවසක්ද? විදේශ කටයුතු අමාත්‍යංශය මෙම පත්වීම පාර්ලිමේන්තු අනුමැතියට යැවූයේ කවදාද? මාගේ මතකයේ හැටියට නම් පසුගිය මාර්තු මාසයේ පමණ.... පාර්ලිමේන්තු අනුමැතියට යැවූ දින හිටපු තනාපතිට එතුමාගේ ස්ථාන මාරුව දන්වා යැව්වා නම් මෙම තත්වය ඇති නොවෙනවා නේද? දැනට ලංකාව තුළ ඇති තාක්ෂණය භාවිතා කලේ නම් තප්පර කීපයක් හිටපු තානාපති හට මේ බව දැනුම් දෙන්න තිබුණා නේද? මෙවැනි ප්‍රශ්න රාශියකට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශයෙන් පිළිතුරු ලැබුණාද? මෙවැනි ක්‍රියාවලියකදී සම්මත චක්‍රලේඛන/ ක්‍රියාපටිපාට විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ නැතිද? පොදුජනයාට වැදගත්ම කරුණ නම් මේ ක්‍රියාවලිය සඳහා වැයවන ප්‍රතිපාදන, බර පැන දරන්නේ කවුද? රටට ලැබෙන අපකීර්තිය දරන්නේ කවුද?
මෙහෙම විහිළුකාර කාබාසිනියා රටක් මේ තුන් ලෝකෙම නැතුව ඇති....
ලංකාවේ පසුගියදා සිදුවුණු කෝලාහල නිසා ආපසු යන්න බැහැ කියල රැකවරණ ඉල්ලන්න අවශ්‍ය කොලපත්තර ටික ලංකාවෙන් ගෙන්නගන්නකල් ඉන්නවා වත්ද?