IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිස උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයෝ වෙති.
 
හලාවත මෝය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස ජීප් රථයකින් පැමිණ ඇති බවද පොලිසිය කියයි.
 
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත වැටලීම කර ඇත.
 
හලාවත සිට මුතුපන්තිය දක්වා මුහුදු තීරයෙදී මෙලෙස නීති විරෝධි ආකාරයට මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යාම නිරන්තරයෙන් සිදුවන බවද පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට ප්‍රශ්න කරමින් පවතින බවත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හලාවත පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)

 



අදහස් (5)

නීති විරෝධීව රට පනින්න හැදූ 6ක් හලාවතදී අත්අඩංගුවට

Wishwakarma Wednesday, 06 November 2019 02:49 AM

ඇයි මේ ජීවිත අවදානමේ හෙලාගෙන රට පනින්න හදන්නේ ? 16 වැනිදායින් පස්සේ මේ රට සුර පුරයක් වෙනබව ඇහෙන කතාවලින් තේරෙන්නේ නැත්ද ?

:       0       17

Nimal Wednesday, 06 November 2019 05:02 AM

දාල යන්න හිතෙන රටක්!

:       0       9

පිටිගල මිලානෝ Wednesday, 06 November 2019 06:08 AM

ඉතාලියේ නීති විරෝධීව සිටින සැමට නේවාසික සහතිකය පහසුවෙන් ලබා ගැනීමේ කටයුතු දැන් සැකසෙමින් පවතිනවා. කට්ටිය කලබලෙන් පනින්න හදන්නේ මේ නිසයි. නෑදෑයන් හෝ යහළුවන් ඉතාලියේ ඇත්නම් ඔවුන්ගෙන් විස්තර ලබාගෙන සහ ඔවුන්ගේ උපකාරයෙන් සහ ‘ස්පොන්සර්’ ලියුමකින් ‘ශේන්ගන්’ සංචාරක වීසා එකක් ඉතාලියෙන් පිට ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටකට ගෙන කෝච්චියෙන් ඉතාලියට නීත්‍යානුකුලව සහ ආරක්ෂාකාරීව පැමිණෙන්න. මෙහි සිටින ඔබගේ සැබෑ මිතුරන්ට සහ නෑයින්ට ඔබ වෙනුවෙන් ඉතා පහසුවෙන් බොහෝ දේවල් කල හැක.

:       13       96

anura Wednesday, 06 November 2019 11:09 AM

අනේ මේ අයට යන තැනකට යන්ට දෙන්න. ලංකාවේ ඉඳල හිඟාකන්ට කියලද කියන්නේ?

:       0       0

Harith Gunasekara Wednesday, 06 November 2019 11:27 AM

මේ වගේ වංචාකාරයෝ පාලනය ක‍රන රටක් දාලා යන්නේ පාලකයන්ගේ වැරැද්ද නිසා. උගත් තරුණයන්ට අනාගතයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site