(යොහාන් භාසුර)

ගබඩාවල සහ මෝල්වල සහල් බවට පරිවර්ථනය කිරීමෙන් තොරව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබෙන වී තොග වටලා බාරයට ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියක් ‘ලංකාදීප’යට පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය බාරයට ගන්නා වී තොග සහතික මිලට වී අළෙවි මණ්ඩලය ලබාගෙන සහල් බවට පත්කර වෙළෙඳපොලට සපයන බවත් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මේ වන විටත් වැටලීම් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය.

ගොවීන් විසින් නිවාසවල ගබඩා කර තිබෙන වී තොග බාරයට නොගන්නා ලෙස එම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව කී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැටලීම් කරන ලෙස වැඩි දුරටත් උපදෙස් දී ඇති බව ද සඳහන් කළේය.