(යොහාන් භාසුර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් තොරතුරු ලබාගැනීම සඳහා 1917 යන ක්ෂණික දුරකථන අංකය හදුන්වා දී තිබේ.

නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් මුදල් උපයන පුද්ගලයන් පිළිබඳව මෙම දුරකථනයට ඇමතීමෙන් තොරතුරු ලබාදිය හැකි බවත් මෙම අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම දුරකථනය අංකයට ද්වේශසහගත සහ පුද්ගලික අමනාපකම් මත ව්‍යාජ තොරතුරු සපයන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය වැඩි දුරටත් කියයි.